අගවිනිසුරු ගැන විවාදය අදයි

mohan-peiris-5756-1

මොහාන් පීරිස් මහතා පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ විවාදය අද පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ අනුව විශේෂ දිනයක් ලෙස අද දිනයේදී පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

අගවිනිසුරු ධුරයේ කටයුතු කළ මොහාන් පිරිස් මහතා එම ධුරයෙන් ඉවත් කිරිම සහ හිටපු අගවිනිසුරු ශිරාන් බණ්ඩාරනායක මහත්මිය යළිත් එම තතතුරට පත් කිරීම පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පසුගියදා පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටින ලදී.

ඒ ශිරානි බණ්ඩාරනායක හිටපු අගවිනිසුරුවරිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ ප්‍රකාශයකින් අනතුරුවය.

කෙසේ වෙතත් පසුගිය සිකුරාදා දිනයේම අදාළ විවාදය ඉල්ලා සිටියද එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ඊට එකඟතාවක් නොදක්වන ලදී.

ඒ අනුව අග්‍රාමාත්‍යවරයා අදාළ විවාදය පැවැත්වීම පිළිබඳව කථානායකවරයා දැනුවත් කර ඇති අතර පසුව කථානායක චමල් රාජපක්ෂ මහතා විසින් අද දිනයේ දී විශේෂ දිනයක් ලෙස පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කරන ලදී.

අද පස්වරු 2.00 ට මේ පිළිබද විවාදය ආරම්භ වීමට නියමිතය.