හෙට සිට බනිස් රුපියලක් අඩුවෙන්.

 

13313131313131
බනිස් ඇතුලූ බේකරි නිෂ්පාදනවල මිල හෙට (02) සිට රුපියලකින් අඩු කිරීමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන්.කේ. ජයවර්ධන කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අනෙකුත් බේකරි නිෂ්පාදනවල අවම මිල අඩු කිරීම රුපියලක් වුවත් නිෂ්පාදකයින්ට රුපියල් 5 ක් දක්වා මිල අඩු කළ හැකි බවයි. තිරිඟු පිටිවල මිල අඩු කිරීමට සාපේක්ෂව මෙම මිල අඩු කිරීම සිදුකළ හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළා.

පසුගියදා රජය ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් තිරිඟුපිටි කිලෝග‍්‍රෑම් එකක මිල රුපියල් 12 යි 50 කින් අඩු කිරීමට පියවර ගැනුනා. ඊට සාපේක්ෂව පාන් ගෙඩියක මිල රුපියල් 6 කින් අඩු කිරීමට බේකරි හිමියන්ගේ සංගමය පසුගියදා තීරණය කළා.