දෙමළ ජාතිකයෙකු අගවිනිසුරු විම සතුටුයි: TNA කියයි.

10891558_593203364146131_6701422510716943278_n

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කනගසබාපති ශ්‍රීපවන් ශ්‍රී ලංකාවේ 44 වැනි අගවිනිසුරුවරයා ලෙස පත් කිරීම රජය ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන්ට සමානාත්මතාවකින් යුතුව සලකන බවට ඉඟියක් පලවීමක් බව උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේස්වරන් මහතා පවසයි.

නව අගවිනිසුරුවරයා වශයෙන් කේ. ශ්‍රීපවන් පත් කිරීමට රජය ගෙන ඇති තීරණය තුලින් රටේ නීතිය හා සාධාරණය පැහැදිලිව ඉස්මතු වන බවත් ඒ තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රජාතාන්ත්‍රික ගති ලක්ෂණ පෙන්නුම් කරණ බවත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතා පෙන්වා දී තිබේ.

තවදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ මෙම නව පත්වීම සම්බන්ධයෙන් තමන් මෙන්ම දෙමළ ජාතික සන්ධානයද දැඩි ලෙස සතුටට පත් වන බවත් එම සතුටට හේතුව ඔහු දෙමළ ජාතිකයකුවීමම නොව ඔහුගේ පත්වීම තුලින් රජය ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන්ට සමානාත්මතාවයකින් යුතුව සලකන බවට ඉඟියක් පලවීම බවත්ය.