තලවකැලේ ජනතා විරෝධය කඳුළු ගෑස් මගින් මර්ධනය කරයි.

311864027hugo2

තලවකැලේ ප්‍රදේශයේදි උඩරට දුම්රිය මාර්ගය අවහිර කරමින් රැඳි සිටි පිරිස විසුරුවා හැරීම සඳහා පොලීසිය  කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

රැස්ව සිටි පිරිස ද පොලීසිය දෙසට ගල්මුල් ප්‍රහාර එල්ල කළ බව සදහන්.

මේ වනවිට දුම්රිය මාර්ගය අවහිර කළ පිරිස එම ස්ථානයෙන් ඉවත් වී ඇතැයි ද වාර්තා වනවා.

අත්අඩංගුවට ගැනීමේදී සැකකරුවෙකු කොත්මලේ ජලාශයට පැනීමේ සිද්ධියක් ඊයේ (31) වාර්තා වූ අතර ඊට විරෝධය පළ කරන ප‍්‍රදේශවාසීන් මෙලෙස දුම්රිය මාර්ගය අවහිර කර ඇති බවයි වාර්තා වුයේ.

තලවකැලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට ගිය තරුණයෙකු ඉහළ කොත්මලේ ජලාශයට පැන අතුරුදන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තලවකැලේ පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකුට ස්ථාන මාරු ලබාදී තිබෙනවා.  නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, වහාම ක‍්‍රියාත්මක වන පරිදි මෙම ස්ථාන මාරුව ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

ගංජා මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු දුවගොස් ඉහල කොත්මලේ ජලාශයට පැන තිබූ බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ කියා සිටියේ.