අලියෙක් ලග සිටි පොඩි අලියෙක් අල්ලයි.

a945bd8df116c6449617abe579a6a2f8_L

බස්නාහිර පළාත් සභාවේ  හිටපු විපක්ෂ නායක (එජාප) කිත්සිරි කහටපිටිය මහතාගේ හොරණ  නිවසේ සිටි ඇත් පැටවා අද (01) සවස වනජීවී නිලධරයින් වෙත බාර දීම සඳහා වනජීවී වාහනයකින් රැගෙන යනු ලැබීය.
බස්නාහිර පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක, එජාප බස්නාහිර පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කහටපිටිය මහතාගේ හොරණ – කුලුපන ප‍්‍රදේශයේ නිවසේ සිටියදී ඇත් පැටවෙකු සොයාගෙන තිබේ.

එම ස්ථානය නිරීක්ෂණයට ගිය වනජීවී වැටලීම් නිලධාරීන්ට කහටපිටිය මහතාගේ බිරිය හා පුත්‍රයා පොරොන්දුවී ඇත්තේ අලි පැටවා අද (01) බත්තරමුල්ලේ වනජීවී කාර්යාලයට ගෙනවිත් දෙන බවයි.

පසුව වනජීවී වැටලීම් කන්ඩායම ඊයේ (31) ආපසු පැමිණ ඇත. එම අවස්ථාවට සංචාරක නියෝජ්‍ය ඇමති වසන්ත සේනානානයක මහතා ද සහභාගී වී තිබේ.

වයස අවුරුදු හතරක්වන මේ පැටවා උස අඩි හතරයි අඟල් හතකි. එම අවස්ථාවේදී කහටපිටිය මහතා නිවසේ නොසිටි බවත් පෙන්වූ ලිපි ලේඛණවල පරස්පරයක් ඇති බවත් වනජීවී නිලධරයෝ පවසති.