අර්ජුන කොටසක් ගත්තැයි ෆයිසර් අස්වෙයි.

10383633_799083410127273_680469042911935019_n

ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී විදේශ ගතවී ඇති බව වාර්තා වනවා.අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පෞද්ගලික හේතුවක් මත සිංගප්පුරුව බලා ගිය බවයි සදහන් වන්නේ.

අමාත්‍යාංශය වලට අයත් විෂය පතය ගැසට් කිරිමේදී තමාගේ අමාත්‍යාංශයට අයත් විෂය පතයෙන් කොටසක් අරජුන රණතුංග අමාත්‍යවරයා යටතේ පවතින වරාය හා නාවුක ගුවන් සේවා අමාත්‍යාංශයට එකතු කර ගැසට් කිරීම මෙම ඉල්ලා අස්වීමට හේතු වී ඇති බව වාර්තා වනවා.

එසේම තම අමාත්‍යාංශයට අයත් විෂය පතය ගැසට් කිරිමේදී මත්තල ගුවන් තොටුපොළ පමණක් ඇතුළත් කර ඇති බවත්, මේ හේතුවෙන් ඔහු සිත්තැවුලට පත්වී සිටි බවත් සදහන්.

ෆයිසර් මුස්තාපා මහතා නීතීඥවරයෙකු ලෙස පූර්ණකාලීනව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බැවින් අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමට අදහස් කර සිටින බව මුලින් පවසා තිබුනා.