අධ්‍යාපන අමාත්‍යාංශයට “අන්තරේ” අනතුරු අගවයි.

najith-indika

නීත්‍යනුකූලවම පාසල්වලින් මුදල් එකතු කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර තිබෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පෙන්වා දෙනවා.

ජනවාරි 29 වැනිදා නිකුත් කළ 5/2015 දරන චක්‍රලේඛය මගින් පාසලේ අත්‍යවශ්‍ය වියදම් සඳහා මුදල් එකතු කිරීමට විදුහල්පතිවරයාට බලය පැවරෙන බව දක්වා තිබෙන බවත් මේ වනවිට පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් හා විදුහල්පතිවරුන්ට චක්‍රලේඛය යවා තිබෙන බවත් එහි කැඳවුම්කරු නජිත් ඉන්දික සඳහන් කර තිබේ.

මින් පෙර කිසිදු අවස්ථාවක පාසැල්වලින් නීත්‍යානුකූලවම මුදල් එකතු කිරීමේ තත්ත්වයක් දක්නට නොලැබුණු බවත් අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති මෙම තීරණයට විරුද්ධව ඉදිරියේදී කටයුතු කරන බවත් සදහන්.