අඩුවු බස් ගාස්තු අද සිට.

Bus

ඉන්ධන මිල අඩු කිරිමත් සමග අඩු කෙරුණු බස් ගාස්තු අද සිට ක‍්‍රියාත්මක වනවා. අද සිට බස් ගාස්තු සියයට 8කින් අඩු කිරිමටයි ප‍්‍රවාහන බලධාරීන් සහ බස් රථ සංගම් ඉකුත් දා පැවති සාකච්ඡාවක දී එකඟතාව පළකළේ.

ඒ අනුව රුපියල් 09ක්ව පැවති අවම ගාස්තුව අද සිට රුපියල් 08 දක්වා අඩු කෙරෙනවා. රුපියල් 13 ගාස්තුව අඩු වන්නේ රුපියල් 12 දක්වායි. රුපියල් 18ක්ව පැවති ගාස්තුව රුපියල් 15 දක්වාත් රුපියල් 20 ගාස්තුව රුපියල් 18 දක්වාත් අඩු කෙරෙනවා. රුපියල් 201 වු පැරණි ගාස්තුව රුපියල් 184 දක්වා අඩුවනු ඇති. රුපියල් 301 වු ගාස්තුව අද සිට රුපියල් 274 දක්වා අඩු කෙරෙන අතර රුපියල් 400ක්වු පැරණි ගාස්තුව සංශෝධනය වන්නේ රුපියල් 368ක් ලෙසයි.

සෙසු සියලූ ගාස්තු ද සියයට 08ත් 10ත් අතර ප‍්‍රමාණවලින් අඩුකෙරෙන අතර සංශෝධිත ගාස්තු බස් රථවල ප‍්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා ඇති බව ජාතික ගමනා ගමන කොමිෂම සඳහන් කර තිබෙනවා.