වත්තල සන්ධාන සභාපතිට පහරදිම / මහමැතිවරණ සමය ඛේදවාචකයක් වන ලකුණු.

3213131`3131313

වත්තල ප‍්‍රාදේශිය සභාවේ ඊයේ දහවල් ඇතිවු පහරදිමෙන් පසු එහි සභාපති ත්‍යාගරත්න ද අල්විස් මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ තවත් මන්ත‍්‍රීවරුන් 04 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කලා.ඔවුන් ප්‍රතිකාර සදහා රාගම ශික්‍ෂණ රෝහලට ඇතුලත් කර තිබුනා.

අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පිළිගැනීමේ උත්සවයක් වත්තල ප‍්‍රාදේශිය සභාව ඉදිරිපිට පැවැත්වුණා. අමාත්‍යවරයා පිටව ගිය පසු සභා රැස්වීම ආරම්භ වී ඇති අතර එම අවස්ථාවේදී සභාවට කඩා වැදුණු එජාපයේ පිරිසක් සභාපතිවරයා අසුනෙන් ඉවත් කිරීමට උත්සහ දරා තිබෙනවා. ඒ සමග ඇතිවු නොසන්සුන්තාව පහරදිමක් දක්වා දුරදිග ගිය බවයි සදහන් වුයේ.වත්තල ප්‍රා‍දේශීය සභාවේ සභාපතිවරයා සභාවෙන් ඉවත් කිරීමට පැමිණි පිරිස අතර වත්තල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රොයිස් බෙනෝ ප්‍රනාන්දු මහතා ද සිට තිබෙනවා.

පොලිසියට පැමිණ සිද්ධිය සමතයකට පත් කිරීමට උත්සහ කළ ද එම උත්සහය ද ව්‍යාර්ථ වු බවයි රෝහල් ගතව සිටින සභාපති ත්‍යාගරත්න ද අල්විස් මහතා කියා සිටියේ.

වත්තල ප‍්‍රාදේශිය සභාවේ ඇතිවු මෙම නොසන්සුන්තාවයෙන් පසු හිටපු අමාත්‍යවරුන් කිිහිපදෙනෙකු ද එහි පැමිණ තිබෙනවා.

ජනාධිපතිවරණයෙන් අනතුරුව දිවයින පුරා ප්‍රදේශ රැසකින් හිටපු රජයේ නියෝජිතයන්ට සහ ආධාරකරුවන්ට මෙලෙස පහරදිම් වාර්තා වුනා. තවමත් ඒවා අවසන්ව නැති බවත් එලබෙන මහ මැතිවරණ සමයේදි තත්වය තවත් උග්‍ර විය හැකි බවයි සන්ධාන නියෝජිතයින් පවසන්නේ.

විපක්ෂනායක නිමල් සිරිපාල සිල්වා මහතා මේ සිදුවිම් පිළිබද පරික්ශණයක් ඉල්ලා තිබෙනවා.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, වත්තල ප්‍රාදේශීය සභාවේ සිදුවීම පිළිබඳව වහා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බව ය.