යුද අපරාධ සෙවිම සදහා මේ ආණ්ඩුව ක්‍රියා කරයි; බි‍්‍රතාන්‍යයෙන් සහතිකයක්.

england-flag-widescreen-wallpapers-flag-images-free

ශ‍්‍රී ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කර, සුදුසු කි‍්‍රයාමාර්ග ගැනීමට නව ආණ්ඩුවට ප‍්‍රමාණවත් අවශ්‍යතාවක් ඇතැයි තමන්ට නිරීක්ෂණය වූ බව බි‍්‍රතාන්‍යයේ විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය හියුගෝ ස්වයර් මහතා පවසනවා. ඒ මහතා ඒ බව පැවසුවේ ශ‍්‍රී ලංකාවේ සිය තුන්දින නිල සංචාරය නිමා කරමින් විදෙස් මාධ්‍යවේදීන්ට කළ කරුණු දැක්වීමකදීයි.

අමාත්‍ය හියුගෝ ස්වයර් මහතා සිය සංචාරයේදී ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා මෙන්ම උතුරු පළාත් මහඇමතිවරයා ද මුුණගැසුණා. මීට පෙර අවස්ථාවකදී ද තමන් ශ‍්‍රී ලංකාවට පැමිණ ඇතත් ඊට වඩා දැන් ශ‍්‍රී ලංකාවේ කැපීපෙනෙන වෙනස්කමක් සිදුවී තිබෙන බවයි ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

මේ අතර දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු භාර අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය ශී‍්‍ර ලංකාවට පැමිණෙනවා. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම සංචාරයේදී නිශා බිස්වාල් මහත්මිය ශී‍්‍ර ලංකාවේ ඉහළ පෙළේ නිලධාරීන් සමග සාකච්ඡා කරන බවයි.

කොළඹදී කෙරෙන මුල් වටයේ සාකච්ඡාවලින් පසු නිශා බිස්වාල් මහත්මිය යාපනයේද සංචාරය කිරීමට නියමිතව තිබෙනවා. එහිදී උතුරු පළාත් සභාවේ නිලධාරීන් සහ සිවිල් කි‍්‍රයාකාරීන් සමග සාකච්ඡා කිරීම ඇගේ අපේක්ෂාවයි.