ෆොන්සේකාට සියල්ල ලැබෙයි.

fonseka

යුද අධිකරණයෙන් වරදකරුවකු වීම හේතුවෙන් සියලු නිල නාමයන්, පදක්කම් සහ අයිතිවාසිකම් අහිමිව සිටි හිටපු  යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට අහිමිවූ නිල නාමයන්, විශ්‍රාම වැටුප, පදක්කම් සහ අයිතිවාසිකම් සියල්ල නැවත ලබාදී තිබෙනවා. ඒ අනුව මෙතැන් සිට ජෙනරාල් සරත් ෆොන්සේකා ලෙස නිල නාමය භාවිත කිරීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම අහිමිව තිබූ ප්‍රජා අයිතිය නැවත ලබාදී ඇතැයි මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තිය යටතේ හිමි බලතල ප්‍රකාරව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් පසුගියදා සරත් ෆොන්සේකා මහතාට පූර්ණ ජනපති සමාවක් ලබාදුන්නේය.

ඒ අනුව ඔහුට තරු හතරේ ජෙනරාල් නිලය, විශ්‍රාම වැටුපද ඔහු සේවයේ යෙදෙමින් දේශපාලනය කිරීම හා සිරගත කිරීම නිසා යුද හමුදා අධිකරණය විසින්, 2010 දී ඉවත් කරන ලද සියලු වරප්‍රසාද ද ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට හිමිය.

එසේම, ජෙනරාල් ෆොන්සේකාට, රණ ශූර පදක්කම (ර්‍Sඵ්,), Vඉශිශ්ට සේවා විභූෂණ (වීඑස්වී), උත්තම සේවා පදක්කම (USඵ්) සහ ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ ලබා දුන් රණවික්‍රම පදක්කම (ර්‍Wඵ්) ඔහුට පැළඳීමට හැකිය.

ත්‍රස්තවාදය පරාජය කිරීමට යුද බිමේදී ඔහු ලබාදුන් නායකත්වය අගයමින්, 2009 මැයි 18 වන දින ඔහු වහා ජෙනරාල් නිලයට උසස් කරන ලද අතර 2009 ජූලි මස 14 වැනිදා ඔහු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර පත් කරන ලදී.

කෙසේ වුවද ඔහු යුද හමුදා සේවයේ යෙදෙමින් දේශපාලනය කළ බැව් කියමින් යුදාධිකරණය විසින් හෙතෙම වරදකරු කර සිරගත කළේය.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට යළි හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාම ජනපති සමාව දුන් අතර නැවත ඔහු දේශපාලනයට පිවිසිණ.