වර්ණනා එපා වැරදි පෙන්නන්න.

President of Sri Lanka Maithripala Sirisena

තමා වර්ණනා කරන, ප්‍රශස්ති ගායනයට වඩා විවේචනය කිරීම වැදගත් බව ජනාධපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු පවසන්නේ ආණ්ඩු බලයට පත් කර ඊට හිතුමතේ කටයුතු කිරීමට සැලැස්වීම පැහැදිලි කාර්යයක් නොවන බවයි.

පුරවැසි බලය සහ අළුත් පරපුර ඇතුළු සංවිධානවල නියෝජිතයින් පිරිසක් හමුවු අවස්ථාවේ දී ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී අදහස් දැක්වු පුරවැසි බලයේ නියෝජිතයින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ දැනටමත් පිහිටුවා ඇති ජාතික විධායක සභාවට දේශපාලන නියෝජිතයින්ට අමතරව සිවිල් සංවිධානවල නියෝජිතයින් ද පත් කිරීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි.

පුරවැසියන් අතර යහපාලනය මෙන්ම සහජීවනය ඇති කිරීම වෙනුවෙන් සංකෘතික අමාත්‍යංශය සතුව පුළුල් වගකීමක් ඇති බව ඊට සහභාගි වු කලාකරුවන් පෙන්වා දී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.