ධිවර ඇමති,රාජ්‍ය ඇමති සභාපති පුටුවට පොර කති.

938_380_Stilt-Fishermen

ධීවර සංස්ථාවේ සභාපතිවරයා ලෙස, ධීවර ඇමැතිවරයා හා රාජ්‍ය ඇමැතිවරයා නම් දෙකක් යෝජනා කිරීම නිසා ගැටලුකාරී තත්ත්වයක්  මතුව තිබෙන බව අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කරයි. ස්වදේශ කටයුතු හා ධීවර කැබිනට් අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා විසින් ධීවර අමාත්‍යාංශ සභාපති ධුරයට සිය පුත්‍රයා නම් කර ඇත. මේ අතර රාජ්‍ය අමාත්‍ය දුලිප් වෙදආරච්චි සිය මස්සිනා එම තනතුරට පත් කර තිබේ.
ධීවර අමාත්‍යාංශ සභාපතිධුරයට නම් දෙකක් එක්වර යෝජනා වීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබුණි. කෙසේ නමුත්  දිලිප් වෙදආරච්චි විසින් නම් කර තිබූ ඔහුගේ මස්සිනා අඟහරුවාදා ධීවර සංස්ථාවට පැමිණ වැඩ භාරගෙන තිබුණි. වැඩ භාර ගැනීමෙන්  පසුව නිල වාහනයද ගත් ඔහු ධීවර සංස්ථාවෙන් පිටත්ව යාම නිසා මෙම තත්ත්වය තවත් ගැටලුකාරී වී ඇත.