අගවිනිසුරුට අසාද් සාලි ගෙන් තර්ජන.

asad-sali-660x330

තමාට ධූරයෙන් ඉවත්වන ලෙසට බලපෑම් එල්ල වී ඇති බව කියමින් අගවිනිසුරු මොහාන් පීරිස් මහතා කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඊයේ පස්වරුවේ ඔහු එම පැමිණිල්ල කුරුඳුවත්ත පොලීසියට දමා ඇත.

ඊයේ තම නිල නිවසට පැමිණි මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අසාද් සාලි මහතා ඇතුළු පිරිසක් නිවස පරික්ෂා කිරීමට උත්සාහ කළ බව පවසමින් අගවිනිසුරුවරයා විසින් මෙම පැමිණිල්ල සිදුකළ බව අගවිනිසුරුවරයාගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ විජේරත්න කොඩිප්පිලි මහතා ද කියා සිටියේය.

මේ සම්බන්ධයෙන් කරුඳුවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ඒ අනූව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාට ඒ පිළිබඳව කරුණු වාර්තා කිරීමට පියවරගෙන තිබේ.

මේ අතර අගවිනිසුරු මොහාන් පීරිස් මහතාට තනතුරින් ඉවත් වන්නැයි ඉල්ලා කොළඹ උපරිමාධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද පෙරවරුවේ විරෝධතාවක් පැවැත්වින.

මොහොන් පිරීස් මහතා අගවිනිසුරුධුරයෙන් ඉවත් විය යුතු බවට පාර්ශ්ව කිහිපයක්ම මේ වන විට ප‍්‍රකාශ කර තිබෙනවා. ඔවුන් පෙන්වා දෙන්නේ අගවිනිසුරු ලෙස මොහාන් පිරීස් මහතාගේ පත්වීම නීත්‍යානුකූල නොවන බවයි. මොහාන් පිරීස් මහතා අදාල ධූරයේ ක‍්‍රියාකරමින් සිටින ආකාරය ද අනුමත කළ නොහැකි බව ඔවුන් වැඩිදුරටත් පවසනවා