සන්ධාන – එජාප ගැටුමක් ඇරඹේ.. STF කැදවයි..

STF

කළුතර – අගලවත්ත ප‍්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වූ නොසන්සුන්තාවක් හේතුවෙන් පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආධාරකරුවන් පිරිසක් සහ එක්සත් ජාතිකපක්ෂයේ ආධාරකරුවන් පිරිසක් අතර ගැටුමක් සිදුවී ඇති බවයි.  මේ හේතුවෙන් ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා විශේෂ කාර්ය බලකාය යෙදවීමට තීරණය කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේ. කෙසේ වෙතත්, සිද්ධියෙන් කිසිවෙකුටත් හානි සිදුවී නැහැ.