පාවෙන අවි ගබඩාවේ සුලමුල..

Galle-hurber- stargate.lk 04

ගාලූ වරායේ නැංගුරම්ලා තිබියදී සොයා ගත් ආයුද ගබඩා කර ඇති ‘‘මහනුවර’’ නමැති නෞකාව සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ අදාළ නෞකාවේ ඇති ආයුධ සඳහා බලපත‍්‍ර තිබේද යන්න සම්බන්ධයෙන් විමර්ශන සිදු කෙරෙන බවයි. අදාළ නෞකාවේ තිබී ටී 56 වර්ගයේ ගිනි අවි තොගයක් සහ රයිෆල් වර්ගයේ ගිිනි අවි තොගයක් සොයා ගැනුනා. ගාල්ල දිස්ති‍්‍රක් නියෝජ්‍ය පොලිස්පතිවරයා වෙත ලැබුණු තොරතුරකට අනුව මෙම නෞකාවේ තිබූ ආයුධ තොගය පොලිස් භාරයට ගත් බවයි අජිත් රෝහණ මහතා සදහන් කර තිබෙන්නේ.

කෙසේ වෙතත් නෞකාවේ බලධාරීන් විසින් ප‍්‍රකාශ කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශය මගින් ලබාගත් අවසරයක් මත නෞකාවලට ආරක්ෂාව සැපයීම සඳහා පාවෙන අවි ගබඩාවක් මෙම නැව තුළ පවත්වාගෙන යන බවයි. මෙම නැව ඇවන්ගාඞ් නමැති පෞද්ගලික ආරක්ෂක සේවාව මගින් කුලී පදනම මත ලබාගෙන තිබෙනවා.

Galle-hurber- stargate.lk 03

මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති ඇවන්ගාඞ් මැරිටයිම් ආයතනයේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති මහතා සදහන් කර තිබෙන්නේ අදාළ පාවෙන අවි ගබඩාවේ පරිපාලන කටයුතු පමණක් තම ආයතනය විසින් සිදු කරන බවයි. “ඒක තියෙන්නේ ප‍්‍රයිවට් නැවක අමෙරිකාවේ, එංගලන්තය, නෙදර්ලන්තය, පින්ලන්තය වගේ ලෝක යුරෝප්වල ඔක්කොම රටවල ප‍්‍රයිවට් සිකුරිටි කම්පැනි වෙපන්ස්. මේකට ආරක්ෂක අමාත්‍යාංශයදීලා තියෙන්නේ ඇවන්ගාඞ් තනිකර ඇඞ්මිනිස්ටේ‍්‍රෂන් වැඩ කරන්න විතරයි. අපිට කිසිම වෙපන් එකක් හැන්ඩල් කරන්න බැහැ. එතකොට මේකේ නැවේ ඉන්නවා ශී‍්‍ර ලංකා නාවික හමුදාවේ 13 දෙනෙක් පැය විසිහතරේම දවස් 365ම. ඒගොල්ලන්ට ආරක්ෂක අමාත්‍යාංශයෙන් කියලා තියෙනදෙය තමයි සම්පූර්ණ ගිනි අවි නිකුත් කිරීම ඔවුන් සුපර්වයිස් කරන්න  ඕනි. මේ නැවේ ආරක්ෂාව ඔවුන් බලාගන්න  ඕනි. කිසිම හේතුවක් මත නාවික හමුදාවට උපදෙස් දී තිබෙනවා ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරයක් නැතිව මෙහි තිබෙන එකදු ගිනි අවියක් ගොඩබිමට රැුගෙන එන්න බැහැ. එසේම මෙයට ශී‍්‍ර ලංකා කස්ටම් එක සම්බන්ධයි. ඒගොල්ලන්ගේ හරහා තමයි යන්න  ඕනි එන්න  ඕනි. එතකොට අපි කරන්නේ ඇඞ්මිනිස්ටේටිව් බැකප්.”

Galle-hurber- stargate.lk 02

නෞකාවලට ආරක්ෂාව සැපයීම සඳහා පවත්වාගෙන යන මෙම පාවෙන අවි ගබඩාවෙන් ශී‍්‍ර ලංකා රජයට ප‍්‍රතිලාභ රැුසක් හිමි වන බවද නිශ්ශංක යාපා සේනාධිපති මහතා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.

මේක ලංකාවේ තිබුණේ නැහැ ඉස්සර. මම තමයි මේක හැදුවේ. ලංකාවට අවුරුදු දෙකකට ඉස්සර ඩොලර් මිලියන 7යි ආවේ. මම ශී‍්‍ර ලංකාවට ඩොලර් මිලියන 65ක් ගෙනවා මේ බිස්නස් එක හදලා. ඉස්සර මේ බිස්නස් එක නාවික හමුදාවෙන් කළේ. ඒක නාවික හමුදාවට මෙය කරන්න බැහැ අන්තර්ජාතික නීතිමත කියලා අපි කිව්වා. ගොඩබිම වෙපන් තිබ්බොත් ශී‍්‍ර ලංකා රජයට ප‍්‍රශ්නයක් වෙන නිසා තමයි මම මේක මුහුදට ගෙනිච්චේ. නාවික හමුදාව ගෙනාවේ මේකට ඩොලර් ලක්ෂ 8ක් විතර ඉස්සර. මම ඒක ඩොලර් ලක්ෂ 30කට වැඩි කෙරෙව්වා. කරලා ලංකාවේ 8900කට රස්සාවල් දීලා තිබෙනවා. මේ රණවිරුවෝ… යුද්ධ කරලා ජීවත් වෙන්න බැරි රණවිරුවන්ට පඩිය රුපියල් ලක්ෂෙ දෙක ගානේ ගෙවලා. මේ බිස්නස් එක කලින් අයිති වෙලා තිබුණේ ෆෙරිනර්ස්ලාට. මම ඒගොල්ලන්ගෙන් ඒක ගැලෙව්වා. අපේ හමුදාව පුහුණු කළා. මොකද අපේ හමුදාව ලෝකේ ඉන්න හොඳම හමුදාවක්.  ඒගොල්ලන්ව මම පුහුණු කරලා මේ බිස්නස් එක ලංකාවට ගෙනවා. අවුරුද්දකට මම ඩොලර් මිලියන 65ක් ලංකාවට ගේනවා. මේ හැම සතයක්ම ලංකාවට ගෙනල්ලා තියෙන්නේ.

Galle-hurber- stargate.lk