අගවිනිසුරු ගෙදර යවනු.

33333333333333333

අගවිනිසුරු මොහාන් පීරිස් මහතා එම ධූරයෙන් ඉවත්ව යන්නැයිද හිටපුඅගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය නැවත එම ධුරයේ පිහිටුවන්නැයිද පවසමින් අද උදෑසන කොළඹ අලූත් කඬේ පිහිටි ශ්‍රෞෂ්ඨාධිකරණ පරිශ‍්‍රයේ විරෝධතාවයක් පැවැත් වින ‘මුල සිටම අපගේ ස්ථාවරය වූයේ ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මැතිනිය එනම් 43 වනඅගවිනිසුරුතුමිය එම ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම සම්පූර්ණයෙන්ම නීතිවිරෝධී බවත් එය කිසිදු වලංගුතාවයක් නැති බැවින් නීතිය අනුව එතුමිය එනම්ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ගරු අගවිනිසුරු ධුරයේ දිගටම කටයුතු කළබවට අපි සලකන හැටියට අපි ස්ථාවර කර තිබෙනවා, අපි අවධාරණය කර තිබෙනවා.ඒකමතිකව. එය විධායක සභාවේ ස්ථාවරය පමණක් නෙවෙයි. බාර් කවුන්සිලයේ ස්ථාවරයත් එයයි.’
ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා පවසනවා.

හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය නැවත එම ධුරයේ පිහිටුවන්නැයි ශී‍්‍ර ලංකා නීතිඥ සංගමය නව ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. එහි සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කොළඹ ඊයේ පස්වරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ සිය විධායක සභාව එ් සඳහා පූර්ණ අනුමැතිය ලබාදුන් බවයි

22222222222222