උසස් පෙල ප‍්‍රතිඵල අද සිට තැපැලට.

21-22nd-June-SK-048

2014 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ ප‍්‍රතිඵල අද දිනයේ සියලූම පාසල් වෙත තැපැල් මගින් යොමු කිරීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්ප කුමාර මහතා පැවසුවේ පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප‍්‍රතිඵල ඉදිරියේදී ඔවුන්ගේ පෞද්ගලික ලිපිනයන් වෙත තැපැල් කර යවන බවයි.
කොළඹ සහ   ශී‍්‍ර ජයවර්ධනපුර අධ්‍යාපන කලාපවල පාසල්වල  ප‍්‍රතිඵල ලේඛණ හෙට උදෑසන නවයෙන් පසු විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන සහ ප‍්‍රතිඵල ශාඛාවෙන් අදාළ විදුහල්පතිවරුන් වෙත නිකුත් කරන බවද විභාග කොමසාරිස්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

මේ අතර 2014 අපොස උසස් පෙළ විභාගයේ කලා අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය කොළඹ විශාකා විද්‍යාලයේ සවින්දී නෙත්සලාට හිමි වු අතර ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය මාතර සුජාතා විද්‍යාලයේ හිරුණි උදාරාට හිමිව තිබේ.

2014 අපොස උසස් පෙළ විභාගයේ ගණිත අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය යාපනය හින්දු  විද්‍යාලයේ පකියරාජා දරුකීසාන්ට හිමිව ඇත.අපොස උසස් පෙළ විභාගයේ වාණිජ අංශයෙන් දිවයිනේ පළමු ස්ථානය ගාල්ලේ සෞත්ලන්ඩ් බාලිකා විද්‍යාලයේ යු.ජි. පියුමි ධනංජනට හිමිව තිබේ.