මරණ 15යි,නවලක්ශයක් අනාථයි,ගමනා ගමන ඇන හිටි.

rain

දිස්ත‍්‍රික්ක 17කට බලපා ඇති අධික වැසි, නාය යෑම් සහ ජල ගැලීම් තත්ත්වයන්වලින් පීඩාවට පත් සංඛ්‍යාව නවලක්ෂ 37,671 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ පුද්ගල මරණ 15ක් වාර්තා වී ඇති බවයි.

අයහපත් කාලගුණය පවතින ප‍්‍රදේශවල සංචාරය කිරීමේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්ෂණික ඇමතුම් අංකය හෝ 011 267 0000 අංකය ඇමතීමෙන් පූර්ව තොරතුරු ලබාගත හැකියි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ දිවයින අවට වායුගෝලයේ පැවැති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා නැවත වර්ධනය වී ඇති බවයි. එම නිසා තවදුරටත් වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සදහන් කළා.   මේ අතර දිස්ත්‍රික්ක 11ක ජනතාවට නායයෑමේ ගල්පෙරළීමේ සහ කණ්ඩි කඩා වැටීමේ අවදානම පිළිබඳ විමසිලිමත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ඉල්ලීමක් කරයි.
ඒ අනුව මාතලේ මහනුවර, බදුල්ල, කෑගල්ල, රත්නපුර සහ නුවරඑලිය දිස්ත්‍රික්ක වල සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාව වෙත එම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත.

මේ අතර උඩරට මාර්ගයේ දුම්රිය ධාවන කටයුතු අද (27) දිනය තුළ ද රඹුක්කන දක්වා පමණක් සිදුවන බව දුම්රිය පාලක මැදිරිය ප‍්‍රකාශ කළා. මාතලේ, මහනුවර, බදුල්ල සහ හැටන් දක්වා ධාවනය වන කිසිදු දුම්රියක් අද ධාවනය වන්නේ නැහැ. මේ අතර, පස් කදු කඩා වැටීම් සහ නාය යෑම් නිසා හානි වූ උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට දින කිහිපයක් ගත වනු ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.