ජනපතිගේ ඉන්දිය සංචාරයට කොටි එයි…. සියක් අල්ලයි.

 

MR-Mahinda1

ජනාධීපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සංචාරය වෙනුවෙන් ඉන්දියාවේ සුප‍්‍රකට තිරුපති කෝවිල පිහිටි ප‍්‍රදේශයට අතිරේක ආරක්‍ෂාවක් සපයා තිබෙනවා.

එරට පොලිසිය උපුටා දක්වමින් එන්.ඞී.ටී.වී රූපවාහිනිය පවසන්නේ ජනාධිපතිවරයාට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක යෙදී සිටි සියයකට වැඩි පිරිසක් දැනටමත් අත්අඩංගුවට ගෙන සිටින බවයි. තිරුපති කෝවිලේ අද උදෑසන පැවැත්වෙන විශේෂ පූජාවකට ජනාධිපතිවරයා සහභාගි වන බවද අදාල වාර්තාවේ දැක්වෙනවා.

මෙම සංචාරය සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකාවෙන් පිටව ගියේ ඊයේ පස්වරුවේයි. එයින් පැය කිහිපයකින් පසු තිරුපති සිට කිලෝමීටර 20ක් පමණ ඈතින් වු රානිගුණ්ටා ගුවන් තොටුපලට ජනාධිපතිවරයා ලගා වී තිබෙනවා.