මහින්ද – මෛත්‍රීපාල අද නාමයෝජනා දෙති…

president-mahinda-rajapaksa-vs-maithripala-sirisena

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ‍පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා අද (08) උදෑසන රාජගිරිය මැතිවරණ කාර්යාලයේදී සිය නාමයෝජනා භාරදීමට නියමිතව ඇත.
මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් නාම යෝජනා භාරගැනීමට නියමිතව ඇති අතර ඇප මුදල් තැන්පත් කළ සෙසු අපේක්ෂකයන් සියලු දෙනාද අද (8) දිනයේදී නාමයෝජනා භාරදීමට නියමිතය. නාමයෝජනා භාරදීමේ කටයුතු අද (8) පෙ.ව. 8.30 සිට දහවල් 12.30 දක්වා පැවැත්වේ.