තිස්ස ඉල්ලා අස් වෙයි….

5d8d9c74882bdd82f8ab05a970219386_L

එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් තිස්ස අත්තනායක මහතා ඉල්ලා අස්වී තිබෙනවා.තිස්ස අත්තනායක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය අද පෙරවරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කර ඇති බවද සදහන්.

තමන් පක්ෂ මහලේකම් ධුරයෙන් ඉල්ලා අස්වෙන බව තිස්ස අත්තානයක මහතා අද පෙරවරුවේ සිරිකොතදී පැවැති විශේෂ රැස්විමකදී සිය කාර්ය මණ්ඩලය වෙත දැනුම්දී තිබෙනවා. කෙසේ වෙතත් තිස්ස අත්තනායක මහතා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් දැනුම්දීමක් සිදු කර නොමැති බවද සදහන්.

එජාප මහලේකම් තිස්ස අත්තනායක මහතා සමග එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියකු වන චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය අද දිනයේදී ආණ්ඩුවට  එක්වීමට නියමිත බව වාර්තා වෙයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා විපක්ෂයට එක්වීම නිසා එජාප මහලේකම්වරයා රජයට එක් කර ගැනීම රජයේ අරමුණ වී තිබේ