ජනපතිගේ දීපාවලි පණිවිඩය/Deepavali Message from President.

MR-Mahinda1

ජනපතිගේ දීපාවලි පණිවිඩය/Deepavali Message from President.

චන්ද්‍රදින දර්ශනයට අනුව නව වසරේ ආරම්භය සනිටුහන් කරන හා හින්දු ප්‍රජාවගේ අතිශය වැදගත් ආගමික උත්සව දිනයක් වන දීපාවලී උත්සවය වෙනුවෙන් මේ පණිවුඩය එවන්නේ සතුටිනි.

දීපාවලීඋත්සවය නැතහොත් ආලෝකයේ උත්සවය අයහපත පරදා යහපත් අඳුර පරදා ආලෝකයත් ජයග්‍රහණය කිරීම සමරයි. එතුළින් වඩාත් ගැඹුරින් සැමරෙන්නේ අයහපත පරයාදැනුමේ ආලෝකය විජයග්‍රහණය කිරීමයි.

දෙවියන් වන්දනාමාන කරමින් ආගමික සජ්ඣායනයෙන් හා වන්දනා ස්ථානවල ආලෝකය දැල්වීමෙන් හා නිවෙස් ප්‍රදීපනය කිරීමෙන් සතුටින් හා උත්සවශ්‍රීයෙන් මේ ශ්‍රේෂ්ඨඋත්සවය සැමරීම සඳහා ශ්‍රී ලංකාවේ හින්දු භක්තිකයන් ලොව පුරා සිය සහෝදර බැතිමතුන් සමඟ අද එක් වෙති. මේ සියල්ලෙන් ප්‍රකාශ කෙරෙන්නේ අවිද්‍යාවෙන් හටගන්නා අනර්ථයන් පරාජය කිරීම උදෙසා දැනුම හා අවබෝධය ළඟා කර ගැනීම වෙනුවෙන් හින්දු දෙවි දේවතාවන්ට භක්තිය හා ස්තූතිය පුද කිරීමයි.

හින්දුධර්මයේ ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මික හරයන් ඉස්මතු කෙරෙන මේ දීපාවලී උත්සව දිනය සෙනෙහසේ හා ශ්‍රද්ධාවේ ජීව ගුණයෙන් පිරී පවතින අතර මේ දිනය හින්දු භක්තිකයන්ට ඉතා උසස් අධ්‍යාත්මිකතාවක් සිතෙහි ධාරණය කරගැනීම, ප්‍රජාවන් අතර අවබෝධය ඇති කර ගැනීම හා ජනතාව අතර සුසංවාදය නැංවීම සඳහා උත්සාහ දැරීමේඅවස්ථාවකි.

මේඋත්සවය හා බැඳී පවතින ආගමික සිරිත් හා ප්‍රමුදිතභාවයන් රටේ දැනට පවතින එමෙන් ම හින්දු ප්‍රජාවගේ උද්යෝගිමත් හා ක්‍රියාකාරී සහභාගීත්වය තවදුරටත් බලාපොරොත්තු වන සංහිඳියාවේ ජීව ගුණයට ද වැඩි වටිනාකමක් එකතු කරයි.

හින්දුධර්මය අනුගමනය කරන සියල්ලන් අතරට මේ ආලෝකයේ උත්සවය අවබෝධය, සාමය හා සතුටගෙන එමින් ශ්‍රී ලංකාවේ සියලු හින්දු භක්තිකයන්ට ප්‍රීතිමත් හා සාමකාමී දීපාවලී උළෙලක් මා ප්‍රාර්ථනා කරමි.

මහින්ද රාජපක්ෂ

ජනාධිපති.

The religious practices and festivities that go with the Deepavali festival will add to the spirit of reconciliation that prevails in the country, for which, one looks forward to the eager and active participation of the Hindu community, President Mahinda Rajapaksa said.The President, in his message issued for Deepavali festival states that this festive day of Deepavali, which underlines the great spiritual values of Hinduism, is filled with the spirit of love and devotion, and is an occasion for Hindus to strive for greater spirituality, foster understanding among communities, and increase harmony among people.

Following is the full text of the message of President Mahinda Rajapaksa:

I am pleased to send this message on the occasion of Deepavali, which marks the beginning of the Hindu New Year, according to the Lunar Calendar, and is a day of great religious fervor and festivity for the Hindu community.The festival of Deepavali, or Festival of Lights, celebrates the victory of Goodness over Evil and Light over Darkness. It is thus the deeper celebration of the Light of Knowledge over the Darkness of Ignorance, leading to the triumph of Good over Evil.

The Hindus of Sri Lanka, join their fellow believers the world over today in celebrating this great festival with the worship of deities, spiritual chanting and lighting the flames of worship shrines, and illuminating their homes, combined with the joy of festivity. All of this is an expression of veneration and gratitude to the Hindu deities for the attainment of knowledge and understanding to overcome the evils that arise from ignorance.

This festive day of Deepavali, which underlines the great spiritual values of Hinduism, is filled with the spirit of love and devotion, and is an occasion for Hindus to strive for greater spirituality, foster understanding among communities, and increase harmony among people. The religious practices and festivities that go with this festival will also add to the spirit of reconciliation that prevails in the country, for which, one looks forward to the eager and active participation of the Hindu community.

May this Festival of Lights bring understanding, peace and joy among all followers of Hinduism, I wish all Hindus of Sri Lanka a happy and peaceful Deepavali.