අතුරුදන් වු අම්බලන්ගොඩ දරුවා දඹුල්ලෙන් හමුවෙයි.

අම්බලන්ගොඩින් පැහැරගත් දරුවා වසරකට පසු දඹුල්ලෙන් සොයාගනී

වසරකට කලින් අම්බලන්ගොඩ බස් නැවතුම්පලේ දී අතුරුදන් වූ තුන් හැවිරිදි පිරිමි දරුවා දඹුල්ලේ යාචකයකු ළඟින් සොයාගත් බව පොලිසිය කියයි.

අකුරැස්සේ පදිංචි මිත්තනිය ළඟ සිටි දරුවා මිත්තණිය රවටා රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. දරුවාත් මිත්තනියත් සිටි ඡායාරූපයකින් දඹුල්ල පොලිසියේ පොලිස් පරීක්ෂක සාරානාත් සමරකෝන් මහතා සමත්විය.

කෑගල්ලේ පදිංචිකරුවකු වන මෙම යාචකයා රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබීය. දරුවා නැතිවූ තැන් සිට මිත්තනිය වන වඩිවේල් සිවපාක්‍යම් දරුවාත් ඇයත් සිටින ඡායාරූපයක් රටපුරාම පොලිසිවලට බෙදාදී ඇතැයිද දරුවාගේ මව එතෙර රැකියාවකට ගොස් ඇතැයිද කියයි.

යාචකයා හා දරුවා අතර ලොකු බැඳීමක් ඇති බවත් දරුවා යාචකයාට තාත්තා යැයි කියන බවත් යාචකයා පොලිස් කූඩුවට දැමූ පසු තමා සමග එන ලෙස යාචකයාට කථා කළ බවත් වාර්තාවේ.