ක්‍රිස් නොනිස්?????/ Chris Nonis????

timthumb.php

 

ක්‍රිස් නොනිස්?????/ Chris Nonis????

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස්  ක්‍රිස් නෝනිස් මහතා සියධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් විදේශ කටයුතු අමාත්‍යංශයට ලැබී නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා තිබේ.

බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා සියධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි යන පුවතක් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුනා.

ඒ සම්බන්ධයෙන් ඊයේ(30) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී රඹුක්වැල්ල අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් තොරතුරු විමසීය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ අදාළ ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් නිල වශයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය දැනුවත් නොමැති බවත් එවැනි ඉල්ලා අස්වීමේ ලිපියක් විදේශ කටයුතු අමාත්‍යංශයට බාර දී නොමැති බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් අමාත්‍යවරයා පැවසූ බවයි.

Addressing the Cabinet Press Briefing held in Colombo today (30), Minister of Mass Media and Information Keheliya Rambukwella stated that Sri Lanka High Commissioner in United Kingdom, Dr. Chris Nonis hasn’t submitted his resignation to the Ministry of External Affairs.

Speaking further, Minister Keheliya Rambukwella stressed that even though there are news reports circulating that Dr. Chris Nonis has resigned from his post as Sri Lanka High Commissioner in United Kingdom, his resignation letter hasn’t been submitted to the Ministry, according to the Minister of External Affairs. Prof. G. L. Peiris.