පාලිත රංගේ බණ්ඩාර අත්අඩංගුවට /UNP MP Palitha Range Bandara arrested.

78602124492786152range

පාලිත රංගේ බණ්ඩාර අත්අඩංගුවට /UNP MP Palitha Range Bandara arrested.

Update:

එ.ජා.ප. පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා ඇප මත නිදහස් කර තිබේ.

ඒ රුපියල් ලක්ෂයක ශරීර ඇප මත පුත්තලම මහේත්‍රාත් අධිකරණය විසින් ඇප ලබ‍ාදීමට තීරණය කර අැත.

කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබුණි.

UNP Puttalam District MP Palitha Range Bandara, who was arrested on trespassing and assault charges this morning, has been released on bail by the Puttalam Magistrate’s Court.

The Parliamentarian was released on a personal bail of Rs 100,000.

එක්සත් ජාතික පක්ෂයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කර තිබෙන්නේ කරුවලගස්වැව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට පහරදීමේ චෝදනාවක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අද අලුයම සිය නිවසේ දී තමාට පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා පහරදුන් බවට ප්‍රාදේශීය සභාවේ සභාපති නීල් වීරසිංහ මහතා පොලීසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

එම පැමිණිල්ලට අනුව පාලිත රංගේ බණ්ඩාර මන්ත්‍රිවරයා සහ තවත් දෙදෙනෙකු කරුවලගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

කරුවලගස්වැව පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

The Karuwalagaswewa Police has arrested 3 persons including United National Party MP Palitha Range Bandara on charges of assault.

The suspects are accused of assaulting the chairman of the Karuwalagaswewa Pradeshiya Sabha Neil Weerasinghe this morning in Thabbowa area. The Karuwalagaswewa Police is conducting further investigations