මහබාගේ අනතුරක් 2ක් මරුට;7කට තුවාල/Two dead, 7 injured in collision at Mahabage

මහබාගේ අනතුරක් 2ක් මරුට;7කට තුවාල/Two dead, 7 injured in collision at Mahabage

මීගමුව ප්‍රධාන මාර්ගයේ වැලිසර , මහබාගේ ප්‍රදේශයේ දි අද(25)  අලුයම 03.00 ට පමණ සිදුවු රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් 07දෙනෙකු තුවාල ලබා තිබේ.

මහබාගේ ප්‍රදේශයේ නාවික හමුදා ඉන්ධන පිරවුම්හල අසළ නවතා තිබු කුඩා ලොරි රථයක පිටුපසින් පැමිණි කන්ටේනර් රථයක් ගැටිමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

මියගොස් ඇත්තේ 34 හැවිරිදි කාන්තාවක සහ 36 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුරෙන් තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සම්බන්ධයෙන් මහබාගේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Two persons were killed and another 7 injured after a container truck crashed into a small parked lorry in Mahabage, Welisara on the Colombo-Negombo main road this morning.

The small lorry had been parked near the Mahabage naval fuel station when the container truck had crashed into the back of it at around 3.00am today, police said.

A 36-year-old man and a 34-year-old woman were killed in the accident while the wounded have been admitted to the Ragama Teaching Hospital.

Mahabage Police are investigating the incident