නිරුවත්ව මියගිය කතගේ මරණයට අධිකරණයෙන් විවෘත තීන්දුවක්.

images

නිරුවත්ව මියගිය කතගේ මරණයට අධිකරණයෙන් විවෘත තීන්දුවක්

යගම දමිත්කන්ද ප්‍රදේශයේ නිවෙසක සාලයේ නිදි පැදුරක් මත නිරුවත්ව අබිරහස් ලෙස මියගොස් සිටි 53 හැවිරිදි තඹවිටගේ ප්‍රේමාවතී නමැති කාන්තාවගේ මරණය පිළිබඳ රත්නපුර රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී සිරුරේ කොටස් රජයේ රස පරීක්‍ෂකවරයාට යවා තිබේ.
ඒ පිළිබඳ පරීක්‍ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේ අබිරහස් ලෙස මියගොස් සිටි ඇගේ මොළයට ලේ බැස තිබීම පිළිබඳ වෛද්‍ය නිගමනයකට ඒමට පෙර රජයේ රස පරීක්‍ෂකවරයා වෙත සිරුරේ කොටස් යවා ඇති බවයි.

පසුගිය 5 වැනි දින අලුයම සිදුවූ මෙම අබිරහස් මරණයේදී එම නිවෙසේ ‍ෙදාරක් විවර කර තිබීම පිළිබඳ පොලිසියට සැක මතුවී තිබේ.
මියගිය කාන්තාවගේ සැමියා ඇගේ දරුවන් කුඩා කාලයේම ඇය අතහැර ගොස් දැනට මියගොස් සිටින බවද පොලිසිය පැවැසීය.
ඇගේ දියණියක විදේශ රැකියාවක නියැළී සිටින අතර එම දියණියගේ දරු දෙදෙනා මෙම කාන්තාවගේ රැකවරණය මත සිටින බවද පොලිසිය පැවැසීය.
එම මළ සිරුර හමුවන අවස්ථාවේ ඇයගේ සිරුර නිරුවත් වී තිබූ ආකාරය පිළිබඳවද තරමක් දුරට පොලිසියට සැක මතුවී තිබේ.
කිසියම් සැක කටයුතු අයකු විවර වී තිබූ ‍ෙදාරින් නිවෙසට ඇතුළු වී ආපසු පැනගොස් ඇද්ද යන්න ගැනද පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි. අයගම පොලිස් ස්ථානාධිපති සමන් ප්‍රියන්ත මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.