දායා හරීන් ගුටි කෙලියක/Dayasiri, Harin exchange blows.

Dayasiri jayasekara-and-harin-fernando

දායා හරීන් ගුටි කෙලියක/Dayasiri, Harin exchange blows.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය කෙරුණු සජීවී දේශපාලන විවාද වැඩසටහනක්‌ අතරතුර ඊට සහභාගි වූ වයඹ පළාත් මහ ඇමති දයාසිරි ජයසේකර සහ බදුල්ල දිස්‌ත්‍රික්‌ එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහත්වරුන් අතර ගුටිබැට හුවමාරුවක්‌ සිදුව ඇත.

මෙම දේශපාලන වැඩසටහන ආරම්භයේ පටන්ම දෙදෙනා අතර විවිධ වචන හුවමාරුවීම් නිතර සිදුව ඇති අතර එහි උච්ඡතම අවස්‌ථාවකදී එළැඹි කෙටි විරාමයක්‌ අතරතුරදී දෙදෙනා අතර ගුටිබැට ඇනගැනීම සිදුව ඇතැයි “දිවයින”ට වාර්තා වේ.

එහිදී දෙදෙනා අතින් පයින් ප්‍රහාර එල්ල කරගෙන ඇති අතර දයාසිරි ජයසේකර මහතා විසින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා සපා කා ඇතැයිද වාර්තා වේ. මේ නිසා මන්ත්‍රීවරයාගේ උරහිස බෙල්ල ආදී ප්‍රදේශවලට සුළු තුවාල සිදුවී ඇති බවත් ආරංචි මාර්ග පවසයි.

මෙම සිදුවීම සම්බන්ධව “දිවයින” හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාගෙන් විමසූ අවස්‌ථාවේදී කියා සිටියේ වැඩසටහනේ විරාමයක්‌ අතරතුර මහ ඇමැතිවරයා තමා දෙසට විත් බැණ වදිමින් පහර දුන් බවයි.

එහිදී මහ ඇමැතිවරයා හැසිරුණු ආකාරය සම්බන්ධව තමාට දැඩි කනගාටුවක්‌ ඇතිවූ බවද කී මන්ත්‍රීවරයා මහ ඇමැතිවරයකුගෙන් එවැනි හැසිරීමක්‌ තමා කිසිලෙසකින්වත් බලාපොරොත්තු නොවූ බවද කීය. මහ ඇමැතිවරයා තමාව සපා කෑ බවද හෙතෙම කියා සිටියේය.

ප්‍රධාන ඇමතිවරයකු මෙන්ම දේශපාලනඥයකු ලෙස විවේචනය ඉවසීමේ හැකියාවක්‌ ජයසේකර මහතාට තිබිය යුතු බවද රූපවාහිනි සංවාදයකදී මෙලෙස හැසිරේ නම් ජනතාව අතර ඔවුනගේ ක්‍රියාකලාපය කෙබඳුවේ දැයි ප්‍රශ්නාර්ථයක්‌ තමාට මතුවන බවද හරීන් ප්‍රනාන්දු මහතා කීය.

ඕනෑම දේශපාලන වාද විවාද අභියෝගයකට තමා සූදානම් නමුත් දේශපාලනඥයන්ගේ කනගාටුදායක හා ප්‍රකෝපකාරී ක්‍රියාකලාපයන් ගැන දුකක්‌ ඇති වන්නේ යෑයිද කීය.

මෙම දේශපාලන වැඩසටහනට විපක්‍ෂය සහ ආණ්‌ඩුව නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, අරුන්දික ප්‍රනාන්දු යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද සහභාගිවී සිටියහ. ඔවුන් දෙදෙනා සහ වැඩසටහන මෙහෙයවූ තරුණ නිවේදකයාද මැදිහත්ව ගැටුම සමථයකට පත්කිරීමට කටයුතු කොට ඇත.

මෙම ගැටුම නිසා දේශපාලන වැඩසටහන විකාශය නතර කිරීමටද එම රූපවාහිනී නාලිකාවට සිදුව තිබේ.

සිදුවීම සම්බන්ධව දයාසිරි ජයසේකර මහතාද “දිවයින”ට අදහස්‌ දක්‌වමින් කියා සිටියේ තමන් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව සපා කෑවේ නැති බවයි.

රටේ දේශපාලන තත්ත්වය පිළිබඳ විවාද කිරීමට තමන් සූදානම්ව පැමිණියද හරීන් මන්ත්‍රීවරයා දිගින් දිගටම තමාට මඩ ප්‍රහාර එල්ල කළ බවත් ආණ්‌ඩුවට මෙන්ම රජයටද ද්වේශ සහගතව ප්‍රකාශ සිදුකළ බවද දයාසිරි ජයසේකර මහතා කීය.

“අයිසේ, තමුසේ සහ තවත් නොසරුප් වචන කියමින් රස්‌තියාදුකාර ලෙස වැඩසටහන පුරාම මන්ත්‍රීවරයා හැසිරුණු බවද කී වයඹ පළාත් මහ ඇමැතිවරයා සිද්ධිය සම්බන්ධව මෙසේද කියා සිටියේය.

“ඔහු මාතෘකාවට අනුව අදහස්‌ දැක්‌වූවේම නැහැ. රාජපක්‍ෂවරු, ආණ්‌ඩුව හොරු, වංචාකාරයෝ කියලා කිව්වා. එහිදී මම කිව්වා පුළුවන්නම් ඔප්පු කරන්න කියලා. මම මේ ආණ්‌ඩුව නියෝජනය කරන නිසා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාට, ආණ්‌ඩුවට මඩ ගහන්න යම් කෙනෙකුට ඉඩදෙන්නේ නැහැ.”

ඔහු කළ චෝදනා ඔහුටම ඔප්පු කරගන්න බැරිවුණා. ඒ සිද්ධියයි මෙතැන බලපෑවේ. මේ මුළු විවාදයේදීම ඔහු රස්‌තියාදු කාරයකු වගෙයි කතා කළේ. කිසිම සංඛ්‍යාලේඛනයක්‌ ඇතිව නොවෙයි කතා කළේ. මා ඉතා හොඳ සූදානමක්‌ ඇතිවයි මේ වැඩසටහනට ආවේ කරුණු දක්‌වන්න.

නමුත් විවාදය පටන් ගත්තු වෙලාවේ සිටම පෞද්ගලිකවම ඔහු මට මඩ ගැහුවා. මගේ හැසිරීම නොවෙයි හරීන්ගේ හැසිරීම ගැනයි කනගාටු විය යුත්තේ. ඒක මේ වැඩසටහන නරඹපු අය දකින්න ඇති.

මම මීට පෙර කිසිම රූපවාහිනී විවාදයකදී රණ්‌ඩු කරගෙන නැහැ. ආණ්‌ඩුව සමඟ මට එදා කොතරම් ප්‍රශ්න තිබුණත් අපි මෙහෙම හැසිරිලා නැහැ. මෙහෙම පුද්ගලිකවම මඩ ගහලාත් නැහැ. යෑයි දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් කීය.

දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්‌වූ අවස්‌ථාවේදී හරීන් ප්‍රනාන්දු මහතා ජයසේකර මහතා සම්බන්ධව උද්වේගකර කතාවක්‌ද කළේය.

කෙසේ වෙතත් දයාසිරි ජයසේකර මහතා තමාට අපහාස කළේ යෑයි කියමින් හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග වලට මේවන විට අවතීර්ණව සිටී.

North Western Province Chief Minister Dayasiri Jayasekara and United National Party (UNP) parliamentarian Harin Fernando are reported to have exchanged fisticuffs during the commercial break of a political programme on a private television channel on Tuesday night.

Prior to the commercial break, there had been a serious argument between the two of them.  After the programme was stopped for the commercial break, Mr. Fernando alleged that Mr. Jayasekara assaulted him. It had led to an exchange of blows between the two.

Mr. Fernando said Mr. Jayasekara even bit him during the brawl. Mr. Jayasekara, along with MP Arundika Fernando, represented the government at this debate while Mr. Fernando and JVP parliamentarian Sunil Handunnetti represented the opposition.

The television programme which usually lasts up to midnight had to be stopped after the commercial break.