වටරැක විජිත හිමිගේ බොරුව එලියට/Police file a case against Watareka vijtha.

Watareka Vijitha Thero

වටරැක විජිත හිමිගේ බොරුව එලියට/Police file a case against Watareka vijtha.

ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කර පොලීසිය නොමග යැවීම සම්බන්ධයෙන් මහියංගනය ප්‍රාදේශීය සභා මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත හිමිට එරෙහිව නඩු පැවරීමට පොලීසිය තීරණය කර තිබේ.
උන්වහන්සේගේ පැමිණිල්ල ව්‍යාජ එකක් බවට මේ වන විට තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේය .පසුගිය 19 වන දා උදෑසන බණ්ඩාරගම – හිරණ පාලම ආසන්නයේ වැටී සිටියදී පූජ්‍ය වටරැක විජිත හිමියන් සොයා ගත්තා. පසුව උන්වහන්සේ ප‍්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යැවුණා. එහිදී වටරැක විජිත හිමියන්ගේ ශරීරයේ තුවාල කිහිපයක් ද ඇති බවට පරීක්ෂා කිරීමේදී අනාවරණ වුණා.

මහියංගන ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී පූජ්‍ය වටරැක විජිත හිමියන් තමන් විසින් හෝ හිතවතෙකු ලවා තුවාල සිදුකරගෙන ඇති බවට අධිකරණ වෛද්‍යවරයාගේ නිර්දේශවලින් තහවුරු වී ඇති බව පොලීසිය පවසනවා

තුවාල සිදුකර ගැනීමෙන් අනතුරුව වටරැක විජිත හිමිගේ ඥාතියෙකු විසින් උන්වහන්සේ පානදුර හිරන ප්‍රදේශයේ දමාගොස් ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත්, කොළඹ අද (22) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ අසත්‍ය පැමිණිලි ගොනු කිරීම සම්බන්ධයෙන් උන්වහන්සේට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බවයි.

Police to file a case against  Watareka Vijtha Thero for false complaining as it claims the monk has harmed himself or injuries incited by his men.