දැයට කිරුළ එපා.. සරසවි සිසුන්/නැ ඕනේ.. ජනතාව/Tensions between student and aggressive villagers.

z_p01-Dayata-Kirula

දැයට කිරුළ එපා.. සරසවි සිසුන්/නැ ඕනේ ජනතාව/Tensions between student and aggress.

2015 වසරේ පැවැත්වීමට නියමිත ‘දැයට කිරුළ’ ප්‍රදර්ශනය සහ ඊට සමගාමීව සිදුවන සංවර්ධන ක්‍රියාදාමයන් සඳහා සුදුසු භූමි ප්‍රදේශය ලෙස රුහුණ සරසවිය පිහිටි වැල්ලමඩම ප්‍රදේශය රජය විසින් තෝරාගෙන තිබුණද එම තීරණයට එරෙහිව රුහුණ සරසවි ශිෂ්‍ය සංගමය විසින් පසුගිය දිනෙක විරෝධතා ව්‍යාපාරයක් රුහුණ සරසවිය ඉදිරිපිට පවත්වන ලදී. මෙම විරෝධතාව සැලකිල්ලට ගනිමින් එම ප්‍රදේශයෙන් දැයට කිරුළ සංවර්ධන ක්‍රියාදාමය රජය විසින් ඉවත් කරගනිමින් කොටවිල නව රෝහල පිහිටි ප්‍රදේශය දෙවැනි වරට තෝරා ගැනිණි. ඒ අනුව යෝජිත ‘දැයට කිරුළ’ කොටවිල නව රෝහල අවට පරිශ්‍රයට ගෙන යෑම පිළිබඳ වැල්ලමඩම සහ ඒ අවට ප්‍රදේශවාසීන් විශාල පිරිසක් දැයට කිරුළ තමන්ගේ වැල්ලමඩම ප්‍රදේශයෙන් බැහැරට ගෙනයෑම පිළිබඳ දැඩි විරෝධතාවක් පළ කරමින් පෙරේදා (2දා) දිනයේදී සවස 2.00 සිට රුහුණ සරසවිය ප්‍රදේශය තුළට ඒකරාශී වී සවස් කාලයේ දැඩි උද්ඝෝෂණයක නියැළිණි. රුහුණ සරසවිය ඉදිරිපිට මාතර මැද්දවත්ත, රස්සන්දෙණිය, වෙලේවත්ත, කුඹල්ගම යන ප්‍රදේශ කිහිපයකින් පැමිණි ගම්වාසීන් රුහුණ සරසවිය ඉදිරිපිටට පැමිණ දැඩි විරෝධතාවක නියැළිණි. දැයට කිරුළ තම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට විරෝධය පළ කළ විරෝධතාකරුවෝ අතරට දකුණු පළාත් සභා මන්ත්‍රි අරුණ ගුණරත්න මහතාද සහභාගි වී සිටි අතර දැයට කිරුළ රුහුණ සරසවි ප්‍රදේශයට යළි ලබාදෙන ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටිති.

ප්‍රදේශවාසීන් රුහුණ සරසවියෙහි ප්‍රධාන ගේට්ටුව අසල රැඳී සිටින අවස්ථාවේ එම ස්ථානයට පැමිණි තැපැල් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය මහතා සහ දකුණු පළාත් සභා මන්ත්‍රි සරත් ද අල්විස් මහතා ප්‍රදේශවාසීන්ට පවසා සිටියේ දැයට කිරුළ සංවර්ධන වැඩසටහන වැල්ලමඩම ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට ලබාදීමට ඉඩනොදෙන බවත්, නගරයේ සංවර්ධනය මෙන්ම සරසවි භූමිය අවට ගම්වාසීන්ගේ යහපත උදෙසා ජනාධිපතිවරයා සමඟ නැවැත වරක් සාකච්ඡා කර වැල්ලමඩම සහ අවට ජනතාවට හිමිව තිබූ එම අයිතිය නැවැත ලබාදෙන බවත්ය.

රුහුණ සරසවි අසල ප්‍රධාන ගේට්ටුව අබියස රැඳී සිටිමින් විරෝධතාව දැක්වූ පිරිසෙන් ප්‍රදේශවාසී තරුණයන් කිහිපදෙනකුම ප්‍රධාන ගේට්ටුවෙන් සරසවි භූමියට එක් අවස්ථාවක ඇතුළු වූ අතර පොලිස් නිලධාරීන් විසින් ඔවුන්ට තරයේ අවවාද කර නැවැත සරසවි භූමියෙන් ඉවත් කරන ලදී. ඒ අවස්ථාවේ සරසවි භූමියට පැමිණි මාතර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන් මහතා විරෝධතාවයේ නිරතව සිටි ගම්වාසීන් සමඟ සුහදව සාකච්ඡා කොට විරෝධතාකරුවන් සරසවියේ ප්‍රධාන ගේට්ටුව අබියසින් ඉවත් කිරීමට කටයුතු කරන ලදී. විශ්වවිද්‍යාල සිසුන්ගේ ආරක්‍ෂාවට සරසවි භූමිය තුළ පොලිස් නිලධාරීන් රැඳී සිටි අයුරු දැකගත හැකිවිය.
විරෝධතාවට එක්ව සිටි ප්‍රදේශවාසී ජනතාව සරසවියේ ප්‍රධාන ගේට්ටුව අසලින් ඉවත්ව මාතර-කතරගම ප්‍රධාන මාර්ගයෙහි සරසවි ඉදිරිපිට මාර්ගය විනාඩි කිහිපයකට අවහිර කරන ලදී. ඒ අවස්ථාවේදී මාතර-කතරගම ප්‍රධාන මාර්ගයෙහි සුළු වේලාවකට රථ වාහන තදබදයක් ඇතිවිණි. පසුව පොලිසිය මැදිහත් වී විරෝධතාකරුවන් ප්‍රධාන මාර්ගයෙන් පසෙකට ඉවත් කිරීමෙන් අනතුරුව යළි රථ වාහන ගමනාගමනයට ඉඩ සැලැසිණි.

University of Ruhuna was indefinitely closed yesterday,due to rising tensions between student union activists and aggressive villagers.

According to university officials, the university shut down early yesterday,and the administration is yet to decide when it will be reopened.

President of the Federation of University Teachers’ Associations (FUTA), Chandragupta Thenuwara said the students and an academic of the university had been receiving continuous threats from unknown persons, allegedly because they had spoken against the plans to hold Deyata Kirula exhibition within the university premises.

“One of the lecturers was assaulted. Some of us believe the Vice Chancellor was directly involved in planning this as well. The lecturer, Dr. Upul Jayaratne, also had his car damaged as someone had thrown stones at it. All this was because he expressed his opinions against conducting the Deyata Kirula to the University Senate,” he alleged.