අයහපත් කාලගුණයෙන් දැඩි බලපැම්/extreme weather in sri lanka

Residents-walk-along-a-fl-006

Heavy rains followed by floods and landslides have claimed 23 lives.ජිවිත 23ක් වැසි මරුවා ගෙන යයි.

ජල ගැලීම් හා නායයාම්වලින් මියගිය අය සඳහා මරණාධාරයක් ලෙස රුපියල් 15,000 බැගින් ලබාදෙන බව ආපදා කළමනාකරණ ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.

දැනට පවත්නා ආපදා තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අද (03) පස්වරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

අදාළ මුදල ප්‍රමාණවත් නොවන බව දන්නා නමුත් එක් අයෙකු වෙනුවෙන් ලබාදෙන ලෙසට මහ භාණ්ඩාගාරයෙන් වෙන්කර ඇත්තේ එපමණ මුදලක් යැයි හෙතෙම කියා සිටියේය.

කළුතරට ලක්ෂ 40ක්, ගම්පහට ලක්ෂ 15ක්, ගාල්ලට ලක්ෂ 10ක්, රත්නපුරට ලක්ෂ 10ක් හා හදිසි අවශ්‍යතාවය මත තවත් ලක්ෂ 5ක් වශයෙන් මුදල් දිස්ත්‍රීක් ලේකම්වරුන්ට ලබාදී ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.

ආපදාවලින් පීඩාවට පත්ව සිටින සියලූම ජනතාවට අවශ්‍ය සහන සලසන ලෙසත් කිසිවෙකුත් බඩ ගින්නේ නොතබන ලෙසට උපදෙස් ලබාදී ඇති බවත් පැවසූ අමාත්‍යවරයා සෑම කඳවුරකම සේවය සඳහා යුද හමුදාවේ නිලධාරීන් 25 දෙනෙකු බැගින් යොදා ඇතැයිද ‍කීවේය.

අපට වහින එක නවත්වන්නවත්, ගලන එක නවත්වන්නවත්, නායයන එක නවත්වන්නවත් බැහැ යැයිද එහිදී ඔහු පැවසුවේය.

පවත්නා ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන මීගස්තැන්න රෝහල තාවකාලිකව වසා දමා ඇති බවත් වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කටයුතු වෙනත් තැනකට ගෙන ගොස් ඇති බවත් ඔහු කියා සිටියේය.

කඳු ආශ්‍රිතව ඉදිකිරීම් කිරීමෙන් වළකින ලෙසට උපදෙස් ලබාදී ඇති නමුත් ඇතැමුන් එම උපදෙස් නොතකා ක්‍රියාකරන බවට ද මෙහිදී ඇමතිවරයා චෝදනා කළේය.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා කියා සිටියේ පවත්නා පූර්ව මෝසම් සහිත කාලගුණ තත්ත්වය තවත් දින දෙක තුනක් පැවැතිය හැකි බවයි.

නිරිත දිග මෝසම ඉදිරියේදී ආරම්භවීමෙන් පසු රටේ නිරිත දිග ප්‍රදේශවලට වැසි ඇති විය හැකි බවත් නායයාම් ගැන අවධානයෙන් සිටින ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එම මාධ්‍ය හමුවට එක්වූ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආසිරි කරුණාවර්ධන මහතා පැවසුවේ නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති දිස්ත්‍රීක්කවලට කර ඇති අනතුරු ඇඟවීම හෙට පෙරවරු 9‍.30 දක්වා බලපැවැත්වෙන බවයි.

කඳුකර ප්‍රදේශ ආශ්‍රිතව නිවාස සැදීමේදී ආපදා අනතුරු ගැන ප්‍රධාන වශයෙන් සැලකිය යුතු බවත් මේ නිසා එවැනි ඉදිකිරීම්වලදී තම ආයතනයේ උපදෙස් ලබාගන්නා ලෙසත් හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

Heavy rains followed by floods and landslides have claimed 23 lives so far in six districts, police said. More than half of the deaths have been reported in the Kalutara District, the worst affected by torrential rains.

A total of 14 persons died in the Kalutara District from natural disasters caused by intermittent downpour since Sunday while 3 deaths each have been reported from Colombo and Ratnapura districts.

Galle, Matara and Kurunegala districts have recorded one death each, the Police Spokesman’s Office said, adding, several persons have been injured from weather related incidents across the country.

Meanwhile the Minister of Disaster Management Mahinda Amaraweera stated that a sum of Rs 15,000 will be provided to the family of those who perished due to floods and landslides.

Addressing a press conference to brief media on the current disaster situation today, the Minister conceded that the grant is insufficient, but said that is the sum allocated for each victim by the Treasury.

He stated that Rs 4 million, Rs 1.5 million, Rs 1 million and Rs 1 million have been provided to the District Secretaries of the Kalutara, Gampaha, Galle and Ratnapura districts respectively in addition to Rs 500,000 for emergency needs.

Kalutara District is the worst affected district by torrential rains with 12,651 persons displaced.

Over 40 houses have been completely destroyed due to heavy rainfall and subsequent flooding in the district while another 101 homes have been partially damaged.

Palinda Nuwara, Bulathsinhala, Walallawita and Millaniya Divisional Secretary Areas have been surrounded by water and therefore the people in those areas are being provided with dry rations and other supplies.