පාසල් 148 ක් තාවකාලිකව වැසෙයි/148 schools closed due to adverse weather.

windskirtssmall

148 schools closed due to adverse weather.පාසල් 148 ක් තාවකාලිකව වැසෙයි.

අධික වර්ෂාවෙන් ඇතිවුණු ආපදා තත්ත්වයන් හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් 148 ක් තාවකාලිකව වසාදැමීමට තීරණය කර තිබේ.
ඒ අනුව කළුතර දිස්ත්‍රීක්කයේ පාසල් 137 ක්ද, ගම්පහ දිස්ත්‍රීක්කයේ පාසල් 2 ක්ද, කොළඹ දිස්ත්‍රීක්කයේ පාසල් 09 ක්ද වසාදැමීමට තීරණය කළ බව බස්නාහිර පළාත් මාධ්‍ය ඒකකය පවසයි.
මතුගම අධ්‍යාපන කලාපය තුළ පාසල් 99 ක් වසාදැමෙන අතර ඊට අගලවත්ත අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 32 ක්ද,වලල්ලාවිට අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් 29 ක්ද,පාලින්නුවර කොට්ඨාසයේ පාසල් 28 ක්ද, මතුගම කොට්ඨාසයේ 10 ක්ද අයත්වේ.
මීට හොරණ අධ්‍යාපන කලාපයේ පාසල් 38 ක්ද අයත් බව සඳහන්ය.
මේ පිළිබඳ අද දෙරණ කළ විමසීමකදී වැඩබලන පළාත් අධ්‍යාපන අමාත්‍ය උපාලි කොඩිකාර මහතා කියා සිටියේ හෙට දිනයේ මෙම පාසල් වසාදමනු ලැබුවද ඉදිරියටත් වසාදමන්නේද යන්න පිළිබඳ පසුව තීරණය කරනු ලබන බවයි.
පවත්නා කාලගුණික තත්ත්වය ඉක්මනින් යහපත් තත්ත්වයට පත්වුවහොත් පාසල් නිසි ලෙස පවත්වන්නට හැකිවෙනු ඇති බවද ඔහු සඳහන් කළේය.

148 schools in the Western Province have been closed due to adverse weather conditions until further notice, the Western Provincial Council said today. Accordingly 137 schools in Kalutara, 2 in Gampaha and 9 in Colombo will be closed.