Wigneswaran declines President’s invitation/ජනපති ඉල්ලිම ඉවතට

President-Mahinda-and-Narendra-Modi1-415x260

නරෙන්ද්‍ර මෝඩි මහතා ඉන්දීය අගමැතිවරයා ව‍ශයෙන් දිවුරුම්දීමේ උත්සවයට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වන බව විදේශ කටයුතු අමාත්‍යංශය කියයි.
ඉන්දීය මහ මැතිවරණයෙන් ජයගත් භාරතීය ජනතා පක්ෂයේ නරෙන්ද්‍ර මෝඩි මහතාගේ දිවුරුම්දීම ලබන 26දා ඉන්දියාවේ දිල්ලි හි සිදුකිරීමට නියමිතය.
ඔහු‍ දිවුරුම්දීමේ අවස්ථාවට ආසියානු කලාපයේ රාජ්‍ය නායකයින්ට ආරාධනා කර ඇත. කෙසේ වෙතත් ඉන්දීය එම්.ඩී.එම්.කේ. පක්ෂයේ මහලේකම් වයිකෝ ජනපති මහින්ද රාජපක්ෂ මහතාට එම අවස්ථාවට ආරාධනා කිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර තිබේ. මේ අතර නරේන්ද්‍ර මෝඩි ඉන්දීය අගමැති තනතුරේ දිවුරුම්දීමේ අවස්ථාවට සහභාගී වීමට යන ගමනට තමා හා එක්වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උතුරු පළාත් මහඇමති සී.වී. විග්නේෂ්වරන් මහතාට ද ආරාධනා කර තිබේ.

කෙසේ වෙතත් නරේන්ද්‍ර මෝඩි මහතාගේ දිවුරුම්දීමේ උත්සවයට ශ්‍රී ලංකාවෙන් පිටත්වන දුත පිරිසට තමා සහභාගි නොවන බව උතුරු පළාත් මහ ඇමති සී.වී.විග්නේෂ්වරන් මහතා පවසයි. ඔහු පවසන්නේ අදාළ උත්සවය සඳහා සහභාගිවීමට තමා හට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත ස්තූතිය පළ කරන බවයි.
අදාළ ආරාධනය පිළිගැනීමට තරම් වාතාවරණයක් නොමැති බව විග්නේෂ්වරන් මහ ඇමතිවරයා විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජි.එල්.පීරිස් මහතා වෙත ලිපියක් යොමුකරමින් ප්‍රකාශ කර ඇත. දිවුරුම්දීමේ උත්සවයට තමා සහභාගි වුවහොත් උතුරු පළාත් සභාව සහ ශ්‍රී ලංකා ආණ්ඩුව අතර සුහදතාවක් පවතින බවට මතයක් නිරූපනය වනු ඇති බව විග්නේෂ්වරන් මහතා සිය ලිපිය මගින් ප්‍රකාශ කර තිබේ.

මේ අතර බීබීසී පුවත් සේවය අනාවරණය කළේ අසල්වැසි රාජ්‍යයන් සමඟ ශ්‍රී ලංකා රජය  හොඳ මිත‍්‍රත්වය පළ කිරීමේ ක‍්‍රියාමාර්ගයක් ලෙස නරේන්ද්‍ර මෝඩි මෙම ආරාධනය සිදුකරන්නට ඇති බවය.
පසුගියදා පැවති ඉන්දීය මැතිවරණයෙන් භාරතීය ජනතා පක්ෂය ආසන 304ක්  දිනා ගනිමින් ජයග්‍රහණය කරනු ලැබීය.
එසේම නරේන්ද්‍ර මෝඩි මහතාගේ දිවුරුම්දීමේ උත්සවයට තමා සමග පැමිණෙන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මහ ඇමති විග්නේෂ්වරන්ට ඇරියුම් කිරීම ඉන්දීය මාධ්‍යයේ ඇගයීමට ලක්ව ඇත.එය සංහිදියාව ඇතිකිරීම සදහා රාජපක්ෂ මැතිතුමා ගත් ප‍්‍රබල පියවරක් බව එන්ඩීටීවී රූපවාහිනි සේවය පවසයි.
මෙම තීරණය ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයාගේ පරිනත භාවය සහ දූරදර්ශි ආකල්ප පිළිඹිඹු කරන්නක් බව ද එම වාර්තා සදහන් කරයි.
මහින්ද රාජපක්ෂ මැතිතුමා උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී. වී. විග්නේෂ්වරන්ට කළ මෙම ඇරියුම පිලිබද ප‍්‍රවෘත්තිය ප‍්‍රකාශයට පත්වී සුළු වේලාවකින් ඉන්දීය මාධ්‍ය එය ප‍්‍රමුඛ පුවතක් ලෙස වාර්තාකර තිබේ.

Chief Minister of the Northern Provincial Council, C.V. Wigneswaran has informed External Affairs Minister Prof. G.L. Peiris that he is unable to accept the Sri Lankan Government’s invitation to attend the swearing in ceremony Narendra Mod.

In a letter to External Affairs Minister G.L. Peries, NPC Chief Minister Wigneswaran thanked the Minister for his initiation and said he had a lengthy discussion over the matter with his ministers.

The Chief Minister further stated that if he accepts the invitation, such an act would prove that there is a strong relationship between the government and the Northern Provincial Council; therefore he rejected the invitation.