President to China/ජනපති චීනයට.

President President
Mahinda Rajapaksa, President of Democratic Socialist Republic of Sri Lanka

ආසියාවේ අන්තර් ක්‍රියාකාරිත්වය හා විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාවලිය පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (19 දා) පස්‌වරුවේ චීනයේ ශැන්හයි නුවර බලා පිටත්ව ගියේය.

මෙම සමුළුවට ආසියානු කලාපයේ රටවල් සියල්ල සහභාගිවීමට නියමිතය.ආසියාවේ සාමය, ආරක්‍ෂාව සහ ස්‌ථාවරත්වය තහවුරු කිරීමේ ක්‍රියාමාර්ග හඳුනාගැනීම, ඉදිරියට ගෙනයැම පිළිsබඳව මෙම සමුළුවේදී සාකච්ඡා කෙරෙන බව ජනාධිපති ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක මහතා පැවසීය.ආසියානු රටවල සාමය, ආරක්‍ෂාව හා ස්‌ථාවරත්වයක්‌ ඇති කිරීම මෙම සමුළුවේ අරමුණ බව ද හෙතෙම සඳහන් කළේය.මෙම සමුළුවේදී ජනාධිපතිවරයා ද අදහස්‌ දැක්‌වීමට නියමිතය.ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දෙදින චීන නිල සංචාරය හෙටින් (22 දා) අවසන් වීමට නියමිතය.

President Mahinda Rajapaksa left for China last night for the Conference on Interaction and Confidence Building Measures in Asia.The President is scheduled to address the Conference, which will be held in Shanghai, China today