NFF condemns arrest of university students/සිසුන් අත්අඩංගුවට ගැනීම ජානිපේ හෙලා දකි

index

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව ඉදිරිපිට සාමකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වූ සම සෞඛ්‍ය සිසුන්ට එල්ල වු පොලිස් පහරදීම හා අත්අඩංගුවට ගැනීම හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් විරවංශ මහතා පෙන්වා දෙන්නේ සාමකාමී ලෙස උද්ඝෝෂණයේ යෙදීමට ඇති අයිතිය මෙමගින් උල්ලංඝණය වී ඇති බවයි.

සම සෞඛ්‍ය උපාධි පාඨමාලාවේ කාලය කප්පාදු කිරීමට එරෙහිව පසුගිය 16 වැනි දින සම සෞඛ්‍ය සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුණි.

එහිදි සිසුන් 17 දෙනෙකු පොලිස් අත්අඩංගුවටද පත්වු අතර ඔවුන්ගෙන් සිව්දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා ඊයේ(17)  කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන ලදී.

සම සෞඛ්‍ය උපාධියේ පාඨමාලා කාලය කප්පාදු කිරීමේ ගැටලුවට විසඳුමක් ලබාදීමට කඩිනමින් මැදිහත් වන ලෙසත් අදාළ පොලිස් පහරදීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසත් ජාතික නිදහස් පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

The National Freedom Front (NFF), a constituent party of the ruling UPFA, today condemned the arrest of several Allied Health students engaged in a peaceful protest opposite the University Grants Commission (UGC) and the alleged police attacks on them.

The Leader of the NFF, Minister Wimal Weerawansa, in a statement issued today stated that the right to engage in a peaceful protest has been violated.

A group of Allied Health students as well as their parents launched the protest opposite the UGC on Friday (May 16) morning, over decision to reduce the duration of the allied health sciences degree.

A total of 17 university students were arrested by police during the protest while four of them were admitted to the Colombo National Hospital for treatment.

Student unions allege that the students were brutally assaulted by the police and were hospitalised for treatment only after 18 hours had passed.

The NFF request the President to intervene immediately and provide a solution for the AHS degree issue and also to launch a probe into the allegations of police brutality.