“We celebrate the victory of peace and not victory of war:President at Victory day/අපි යුද්ධයේ නොව සාමයේ ජය සමරමු:ජනපති මාතරදි

 10014534_300469300110343_8621247843120461728_n

අපි සමරනු ලබන්නේ සාමයේ ජයග්‍රහණය මිස යුද්ධයේ ජයග්‍රහණය නොවන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි‍.

ප්‍රාණ ඇපකරුවන් ලෙස සිටි ලක්ෂ තුනකට අධික සාමාන්‍ය ජනතාව ත්‍රස්තවාදීන්ගෙන් මුදවාගත්තේ මේරටේ රණවිරුවෝ බවත්, රටට අයිති මේ විජයග්‍රහණය සදාකල් සැමරිය යුතු බවත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.

අවුරුදු 30ක් පමණ කාලයක් පැවති යුද්ධය අවුරුද හතරාමාරක් තුළදී නිම කළ බවත්, මෙය මුළු මහත් ජාතියම මුහුණදුන් අර්බුධයක් නිරාකරණය කිරීමක් බවද අද(18)  මාතර පැවති විජයග්‍රහණ සැමරුම් උත්සවය ‍අමතමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

එසේම දශක ගණනාවකට පසු උතුරු ප්‍රදේශයේ මැතිවරණයක් පවත්වා එම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කළ බවත්, උතුර මුදවාගැනීමේ මෙහෙයුම් ආරම්භ කරන විට නැගෙනහිර සංවර්ධන ක්‍රියාවලිය ආරම්භ කළ බවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේය.

තවද මේ කාලය වන විට මෙ‍රටේ ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් හඬ නගන ඇතැම් පිරිස් සිටින බවත්, එම පිරිසට මෙරටේ අවුරුදු කිහිපයකට පමණ පෙර තිබු තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ යුතු බවත් රාජපක්ෂ මහතා එම අවස්ථාවේදී කීවේය.

එසේම මෙරටේ දොරවල් සියලුම පුද්ගලයින්ට විවෘත කර ඇති බවත්, නමුත් එමගින් ඇතැම් පිරිස් අනවශ්‍ය ප්‍රයෝජන ගන්නා බවත්, මේ වන විට කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙන් මල් වඩම් පවා තැබීමට ඇතැම් පිරිස් සුදානමින් සිටින බවද ඒ මහතා එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය.

කොටි ත්‍රස්තවාදය ඉහළට ඔසවා තැබීමෙන් මෙරටේ දෙමළ ජනතාවට සිදුකරන ලද අසාධාරණයක් බවත්, උතුරු නැගෙනහිර ‍සිටින දෙමළ ජනතාව පවා මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වී සිටින බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

President Mahinda Rajapakse states that it is the responsibility of all political parties that value democracy to participate in the parliamentary select committee appointed to solve the national issue.

The President expressed these views at the 5th Victory day celebrations that were held this morning in Matara.

President Mahinda Rajapaksa was welcomed by Prime Minister D M Jayarathna, Defence Secretary Gotabhaya Rajapaksa and Three Armed Forces Chiefs.

The national flag was hoisted by the President and the National anthem was sung followed by a moment of silence for the fallen heroes.