මැරුවා කිවුවට ඉන්නවා!

ruwan-wanigasooriya-01

ඉන්දියාවේ දනුෂ්කෝඩිහිදි පසුගියදා අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකික සරණාගතයින් අතර මිට වසර 05කට පෙර හමුදාවෙන් අත්අඩංගුවට ගෙන මරා දැමුණු බවට චෝදනා එල්ල වූ කේ. ත්‍යාපරාජා නැමැත්තා සිටින බව තහවුරු වී තිබේ.

හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා සඳහන් කළේ මෙම පුද්ගලයා හමුදාව විසින් ඝාතනය කළ බවට රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක්ම ප්‍රකාශ කර තිබු බවයි.

සරණාගතයින් වශයෙන් විදෙස් රටවලට ගිය ලාංකිකයින් පිළිබඳව තොරතුරු ලබාදෙන්නේ නම් මෙරට අතුරුදන්වූ බව කියන පුද්ගලයින් සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගත හැකි බව ඔහු පවසයි.

ඒ සඳහා ජාත්‍යන්තරයේ සහය බලාපොරොත්තු වන බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා සඳහන් කරයි.