Sri Lankan Al Qaeda Terrorist is arrested in Malaysia/අල්-කයිඩාවට එක්වු ලාංකිකයෙක් අල්ලයි

maly-alkiad

 

අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ ශ්‍රී  ලාංකිකයකු අත්අඩංගුවට ගන්නට මැලේසියානු ‘බුකිට් අමාන්’ විශේෂ පොලිස් ඒකකය සමත්ව ඇති බව ‘මැලේසියා ස්ටාර්’ පුවත්පත වාර්තා කර තිබේ. මෙම සැකකරු ඉන්දියාවේ පිහිටි විදේශීය තානාපති කාර්යාලවලට ප්‍රහාර එල්ල කිරීමේ කුමන්ත්‍රණයක කොටස්කරුවකු බවත් ඊට අමතරව මැලේසියානු විශේෂ පොලිස් ඒකකය ලබාදුන් තොරතුරු මත තවත් සැකකරුවන් තිදෙනකු චෙන්නායි පොලිසිය විසින් පසුගිය බදාදා අත්අඩංගුවට ගනු ලැබූ බවත් සඳහන් වේ.

අල්කයිඩා ත්‍රස්ත ජාලය සමඟ වක්‍රාකාරයෙන්  සබඳතා  පවත්වා ඇති මේ ශ්‍රී  ලාංකිකයා ශ්‍රී  ලංකාවේ හා විදෙස් රටවල ත්‍රස්ත කටයුතුවල නිරත වීමේ චෝදනා නිසා ආරක්ෂක බලධාරීන්ට වුවමනා කර තිබූ අයකු බවත් ඔහු බොහෝ විට විදේශිකයන් හා සබඳතා  පැවැත්වූ අයකු බවත් මැලේසියානු පොලිසිය  විශ්වාස කරයි.

2011 වසරේ සිට මැලේසියාවේ රැඳී සිටින මොහු මැලේසියාවට ඇතුළු වී ඇත්තේද ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් බවත් පසුගිය දෙසැම්බර් මාසයේ සිට මැලේසියානු ආරක්ෂක බලධාරීන්  මොහුගේ ගමන්බිමන් හා දුරකතන සබඳතා පිළිබඳ විමර්ශන සිදු කරමින් සිටින බවත් සඳහන් වන අතර මොහු විසින් මැලේසියාවේ සිට විදේශීය රටවල ඉලක්කවලට ප්‍රහාර සැලසුම් කර ඇති බව පොලිසිය විසින් සොයාගෙන ඇත.

කෙසේ වෙතත් මැලේසියානු ආරක්ෂක අංශ පවසන්නේ මෙම සැකකරු මැලේසියාවට තර්ජනයක් වී නොතිබූ බවයි.මේ අතර මොහු බැංකොක් හා සිංගප්පූරුවේදී මීට පෙර අත්අඩංගුවට පත්ව ඇති බවද සඳහන්ය.

It is reported that Malaysian security forces have arrested an Al Qaeda  terrorist who is a Sri Lankan and who is accused for planning to attack foreign console Officers in India.

He has been hiding in Malaysia since 2011 and has been arrested on a few occasions.  Further he is accused for getting members to join for terrorist activities.