ත්‍රස්‌තවාදී පනත අහෝසි කරන්නැයි බ්‍රිතාන්‍ය ඉල්ලයි.

British-studies-used-to-b-007
ත්‍රස්‌තවාදී පනත අහෝසි කරන්නැයි බ්‍රිතාන්‍ය රජය කළ ඉල්ලීම ශ්‍රී ලංකා රජය ප්‍රතික්‌ෂේප කර ඇත.

මෙම පනත සම්බන්ධව බ්‍රිතාන්‍යය පොදු රාජ්‍ය මණ්‌ඩල කටයුතු ඇමැති හියුගෝ ස්‌පිරේ දැඩි කනගාටුව පළකරමින් ගෝපි නමැති ත්‍රස්‌තවාදියාට සම්බන්ධ පාර්ශ්ව අත්අඩංගුවට ගැනීම ගැන බ්‍රිතාන්‍ය රජය නිරීක්‍ෂණයේ සිටින බව දන්වා තිබේ.

මේ අතර කොටි හිතවාදී ද්‍රවිඩ සංවිධාන 15 ක්‌ සහ කොටි ක්‍රියාකාරීන් 425 ක්‌ සම්බන්ධයෙන් තහනම් නියෝගය පැනවීම ගැනද බ්‍රිතාන්‍ය බලධාරීන් කනගාටුව පළකර ඇත.

මේ පිළිබඳව ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවැසුවේ බ්‍රිතාන්‍ය තුළ ත්‍රස්‌ත මර්දනය ක්‍රියාත්මක වන අවස්‌ථාවේ ශ්‍රී ලංකාවේ ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරන ලෙස බ්‍රිතාන්‍ය රජය ඉල්ලා සිටීම සදාචාරමය ක්‍රියාවක්‌ නොවන බවයි