Court permits to cover cigarette packet with warning/රූපමය අවවාද සදහා අවසර

Cigarette packages

දුම්වැටි ඇසුරුම්වල රූපමය අවවාද සියයට 80 දක්වා ඇතුළත් කිරීමට එරෙහිව පැවැති නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් එම ඇසුරුම්වල සියයට 50 – 60ක පමණ කොටසක රූපමය අවවාද ඇතුළත් කිරීමට අභියාචානාධිකරණය අද (12) අවසර ලබා දී තිබෙනවා.

ඒ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව ලංකා දුම්කොළ සමාගම විසින් ගොනුකර තිබූ පෙත්සමේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින්. අදාළ ගැසට් නිවේදනයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා තිබුණේ දුම්වැටි දවටනවල සියයට 80 ක් ආවරණය වන පරිදි රූපමය අවවාද ඇතුළත් කිරීමටයි.

Court of Appeal today permitted the Health Ministry to cover 50 to 60% of the cigarette packet with a pictorial warning.

The government issued a special gazette on August 8th, 2012 making it compulsory to display eight graphic warnings on cigarette packets.