Ananda Kumara receives 2 years Suspended jail term/ගුරුවරිය දණගැස්වූ හිටපු මන්ත්‍රීට සිරදඬුවම්

ගුරුවරිය දණගැස්වූ හිටපු මන්ත්‍රීට වසර 7ට අත්හිටවූ දෙවසරක සිරදඬුවම්

නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරිවරියක දණ ගැස්වූ සිදුවීමට අදාළව හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර මහතාට වසර 7ට අත්හිටුවූ වසර දෙකක සිරදඬුවම් නියමවී තිබේ.මීට අමතරව රු.50,000 ක දඩයක් හා ගුරුවරියට රු.ලක්ෂ 3ක වන්දි මුදලක් ලබාදෙන ලෙස අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.

අදාළ නඩුව අද (12) කැඳවූ අවස්ථාවේදී පුත්තලම මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා විසින් මෙම රු.50,000 ක දඩ මුදල නොගෙවන්නේනම් තවත් මාස 6ක සිරදඬුවමක්ද, ලක්ෂ 3ක වන්දිය නොගෙවන්නේනම් තවත් අතිරේක වසරක සිරදඬුවම්ද නියම කරන බවට නියෝග කර තිබෙනවා.

Puttalam High Court gave 2 years rigorous imprisonment on former North Western Provincial Councilor Ananda Sarath Kumara for ordering a female teacher of Navagaththegama Isuru Maha Vidyalaya to kneel down.

Delivering the verdict when the case was taken up today, High Court Judge Priyantha Fernanado also ordered the defendant to pay a fine of Rs 50,000 and Rs 300,000 in compensation to the female teacher in question.