පාකිස්තානයේ සිට තැපැලේ එන කුඩු…

Brown-Sugar

පාකිස්තානයේ කරච්චි නුවර සිට තැපැල් මාර්ගයෙන් දන්ත ශල්‍ය උපකරණ බහාලු පෙට්ටියක සඟවා බ්‍රවුන්ෂුගර් නමැති අධිසැර හෙරොයින් තොගය ගෙන්වූ ශ්‍රී ලාංකික මුස්ලිම් ජාතික කාන්තාව රුපියල් කෝටියක් වටිනා මත්ද්‍රව්‍ය කිලෝ එකක් සමඟ මෑතදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ සිටින පාකිස්තානු ජාතිකයාගේ බිරිය බව මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදුකළ පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

තැපැල් මාර්ගිකව මත්ද්‍රව්‍ය එවීමේ ජාවාරමේ ආරම්භය මෙය විය හැකි බවත් මෙවැනි අන්දමට තැපැල් මාර්ගයෙන් දන්ත ශල්‍ය උපකරණවල බහා හෙරොයින් ග්‍රෑම් 130ක් එවා හසුවූ පළමු අවස්ථාව මෙය බවත් රේගු ආදායම් අධීක්ෂණ අංශයේ රේගු අධිකාරි පරාක්‍රම බස්නායක මහතා පැවැසීය.

මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන උසස් පොලිස් නිලධාරියකු සඳහන් කෙළේ පෙරේදා සීදූව ගුවන් බඩු අංශයේදී රේගුවට හසුවූ රුපියල් ලක්ෂ හතක් වටිනා අධිසැර බ්‍රවුන්ෂුගර් තොගයට සාමාන්‍ය හෙරොයින් හතර ගුණයකින් කලවම් කර විකුණන බව හෙළි වී ඇති බවයි.මේ බ්‍රවුන්ෂුගර්’ හෙරොයින් තොගය මෙවැනි අන්දමට දන්ත ශල්‍ය උපකරණවල කුහරවලට දමා මේ තැපැල් මාර්ගික ක්‍රමය දිගටම ක්‍රියාත්මක කළ හැකිද යන්න ගැන තහවුරු කිරීමට එවන ලද සාම්පල් වියහැකි බවද පොලිසිය පැවැසීය.