බලසේනා ගැටුම.

255566555 326595947694

2014/04/09

ජාතික බලසේනාව නමින් සංවිධානයක් අද කොළඹ දී පැවැත්වීමට ගිය මාධ්‍ය සාකච්ඡුාවක් බොදුබල සේනා සංවිධානයේ මැදිහත්වීම මත නතර කෙරුණා. ප‍්‍රවෘත්ති සාකච්ඡාව කැඳවමින් ජාතික බලසේනාව නමැති සංවිධානය කියා සිටියේ රටතුල හිස ඔසවන ජාතිවාදී සංවිධානවලට එරෙහිව මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාව කැඳවන බවයි.

බොදුබල සේනා සංවිධානයට එරෙහිව ජාතික බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය වටරැක විජිත හිමියන් අද (09) පස්වරුවේ කොම්පඤ්ඤ වීදිය පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ, තම සංවිධානය කොළඹදී අද කැඳවා තිබූ මාධ්‍ය හමුවට බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් ඇතුලූ පිරිසක් කඩාවැදී එය කඩාකප්පල් කර තමන්ටද පහරදුන් බව පවසමින්.

අද දහවල් කොළඹ හෝටලයකදී මාධ්‍ය හමුවක් පැවැත්වීමට ගිය අවස්ථාවේ උද්ගත වූ නොසන්සුන්තාවයේදී තමන් බොදුබල සේනා සංවිධානයෙන් සමාව ගත්තේ මරණ බිය හේතුවෙන් බව පූජ්‍ය වටරැක විජිත හිමියන්  කියා සිටියා.