Category: Local News

  • වායු ගෝලයේ ගුණාත්මක අතින් අහිතකර තත්ත්වයක

    වායු ගෝලයේ ගුණාත්මක අතින් අහිතකර තත්ත්වයක

    දිස්ත්‍රික්ක කිහිපයක වායු ගෝලයේ ගුණාත්මකභාවය මිනිස් සිරුරට අහිතකර මට්ටමක් දක්වා ඉහළ ගොස් තිබේ. විශේෂයෙන් කොළඹ, යාපනය සහ මහනුවර යන දිස්ත්‍රික්කවල එම තත්ත්වය ඉහළ අගයක් ගන්නා බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කරයි. වායු ගුණත්ව දර්ශකයට අනුව නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල වායු ගුණත්වය සංවේදී පුද්ගලයින්ට සෞඛ්‍යමය වශයෙන් බලපෑම් ඇති වන මට්ටමේ පවතින බව සඳහන්…

  • නාමල් රාජපක්ෂ ඉන්දියානු සංචාරයක

    නාමල් රාජපක්ෂ ඉන්දියානු සංචාරයක

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා දෙදින සංචාරයක් සඳහා ඉන්දියාවට ගොස් තිබෙනවා.. ඒ පෞද්ගලික සංචාරයක් සඳහායි. මන්ත්‍රීවරයා වෙනුවෙන් අද සවස අයෝධ්‍යාවේ පිහිටි රාම් කෝවිලේ විශේෂ පූජාවක් සංවිධානය කිරීමට නියමිතයි.

  • අස්වැසුමේ නව අයදුම්පත් කැඳවීම හෙට සිට

    අස්වැසුමේ නව අයදුම්පත් කැඳවීම හෙට සිට

    නව අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 4ක් තෝරාගැනීමට අයදුම්පත්‍ර කැඳවීම හෙට (10) ආරම්භ වීමට නියමිතව ඇත. ප්‍රතිලාභීන් තෝරා ගැනීමේදී විවිධ පාර්ශ්වවලින් ලද යෝජනා අනුව ඇතැම් නිර්ණායක සංශෝධනය කිරීමට පියවර ගෙන ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි. පවුල් තෝරා ගැනීමේදී සිදුවු නිර්ණායක ප්‍රකාරව යමෙකුට මෙම වැඩපිළිවෙලට අයදුම් කිරීමට නොහැකි වූයේ නම් මේ හරහා ඔවුන්ට ද අයදුම් කිරීමට…

  • ජනපති පර්ත් හි ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    ජනපති පර්ත් හි ශ්‍රී ලාංකිකයින් හමුවෙයි

    07 වන ඉන්දීය සාගර සමුළුවට එක්වීම සඳහා ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර බලා ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පර්ත් නුවරදී ඔස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් හමුවී තිබේ. එහිදී ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය, ආර්ථික නවීකරණ සැලසුම් සම්බන්ධයෙන් ඔවුන්ව දැනුවත් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එම හමුවට එක්වූ ශ්‍රී ලාංකිකයින් දන්වා ඇත්තේ දේශගුණ විපර්යාස, සංචාරක ව්‍යාපාරය වැනි…

  • ජෝර්දානයේදී රැකියා අහිමි වූ ලාංකිකයින් 66 දෙනෙක් යළි පැමිණේ..

    ජෝර්දානයේදී රැකියා අහිමි වූ ලාංකිකයින් 66 දෙනෙක් යළි පැමිණේ..

    ජෝර්දානයේ ඇඟලුම් කර්මාන්තශාලා දෙකක සේවය කරමින් සිටියදී ඒවා වසාදැමීම හේතුවෙන් දුෂ්කරතාවයට පත් ශ්‍රී ලාංකිකයින් 66 දෙනෙකු යළි දිවයිනට පැමිණ තිබේ. ජෝර්දානයේ අසිල් සහ හයි ඇපරල් නම් මෙම කර්මාන්තශාලා පවත්වා ගෙන ගිය ඉන්දීය ජාතික ආයෝජකයන් එහි සේවය කළ සේවකයින්ට නොදන්වා කර්මාන්ත ශාලා වසා දමා ඇති බව වාර්තා වෙයි. කෙසේවෙතත් එම කර්මාන්ත ශාලාවල සේවය කළ ශ්‍රී ලාංකිකයින් පිරිසක්…

  • තලන්ගම ජයසිංහ දිවිසැරිය නිම කරයි

    තලන්ගම ජයසිංහ දිවිසැරිය නිම කරයි

    ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ප්‍රවීණ පුවත්පත් කාටූන් නිර්මාණ ශිල්පී මෙන්ම චිත්‍ර ශිල්පී තලන්ගම ජයසිංහ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මියයන විට 88 හැවිරිදි වියේ පසුවුණා.

  • පිට රට නමින් අලුත් රේඩියෝවක්…

    පිට රට නමින් අලුත් රේඩියෝවක්…

    විදේශ රැකියාවන් නියුක්ත ව විදේශගතව සිටින ආදරණීය ශ්‍රී ලාංකිකයන් සහ විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ” පිටරට ” නමින් රේඩියෝවක් පෙබරවාරි 07 වන දා සිට ආරම්භ විය. එය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මහතා විසින් ජනගත කරනු ලැබීය.මෙම රේඩියෝ ව මගින් විශේෂයෙන්ම විදේශ රැකියා පිළිබඳව දැනුවත් කිරීම, විදේශ…

  • අලුත් ගැසට් නිවේදන දෙකක්

    අලුත් ගැසට් නිවේදන දෙකක්

    මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට ගෙන ඒම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුව පරිසර අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා භාරයේ තැබිය යුතු බවට නිශ්චය කර ඇති බව සඳහන් කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

  • ජනපති ඔස්ට්‍රේලියාවට

    ජනපති ඔස්ට්‍රේලියාවට

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබේ. ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වන ඉන්දියානු සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකිරීමට ජනාධිපතිවරයා අද (08) අලුයම ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ඉන්දියානු සාගර සමුළුව හෙට (09) සහ අනිද්දා (10) යන දෙදින තුළ ඔස්ට්‍ර්ලියාවේ පර්ත් නුවර දී පැවැත්වීමට නියමිතය.…

  • පරිසර අමාත්‍යධූරයෙන් කෙහෙළිය ඉල්ලා අස්වෙයි

    පරිසර අමාත්‍යධූරයෙන් කෙහෙළිය ඉල්ලා අස්වෙයි

    පරිසර අමාත්‍යධූරයෙන් තමන් ඉල්ලා අස්වන බව දැනට බන්ධනාගාර ගතව සිටින අමාත්‍ය කෙහෙ‌ළිය රඹුක්වැල්ල ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇති බව වාර්තා වේ. එම ලිපිය ජනාධිපතිවරයා විසින් පිලිගෙන ඇති අතර, ඒ අනුව පරිසර අමාත්‍යංශය ජනාධිපතිවරයා යටතට පවරාගෙන ඇත. ඉදිරි දින කිහිපය තුළදී නව පරිසර අමාත්‍යවරයා දිවුරුම් දීමට නියමිතයි. කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු…