පිට රට නමින් අලුත් රේඩියෝවක්…

විදේශ රැකියාවන් නියුක්ත ව විදේශගතව සිටින ආදරණීය ශ්‍රී ලාංකිකයන් සහ විදේශ රැකියා සඳහා පිටත්වීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් ” පිටරට ” නමින් රේඩියෝවක් පෙබරවාරි 07 වන දා සිට ආරම්භ විය. එය කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මහතා විසින් ජනගත කරනු ලැබීය.
මෙම රේඩියෝ ව මගින් විශේෂයෙන්ම විදේශ රැකියා පිළිබඳව දැනුවත් කිරීම, විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ පුවත් සහ නිවේදන විකාශය කිරීම, රැකියාවක් සඳහා විදේශ ගත වීමේදී දැනගත යුතු විශේෂ කරුණු, ඒ ඒ රටවල සංස්කෘතිය සහ භාෂාවන් පිළිබඳව කරුණු, නීතිමය කටයුතු පිළිබඳව දැනුවත් කිරීම් ඇතුළු වැඩසටහන් රැසක් විකාශය වනු ඇත.
මීට අමතවර ගීත ඉල්ලීම් වැඩසටහන් , රස වින්දන , සෞන්දර්යාත්මක හා විනෝදාත්මක වැඩසටහන් ද විකාශය කෙරේ.

විදෙස් ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ ගැටළු අදාළ වගකිවයුත්තන් ට යොමු කිරීම සහ ඒවාට විසඳුම් වැඩසටහන් මගින් ඉදිරිපත් කිරීම ද මෙම රේඩියෝව මගින් සිදු කෙරේ.

විදෙස් ගත ආදරණිය ශ්‍රී ලාංකීය ශ්‍රමිකයන් ගේ ගැටළු සඳහා ගරු අමාත්‍යතුමන් විසින් පෞද්ගලිකවම පිළිතුරු ලබා දීමේ ක්‍රම වේදයක් ද ළඟදීම මේ හරහා ක්‍රියාත්මක වීමට නියමිත ය.

www.pitarata.net යන වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම රේඩියෝවට සවන් දීමට ඔබට හැකියාව තිබේ. මෙම වෙබ් පිටුව හරහා රේඩියෝවට අමතරව ශ්‍රී ලංකාව පිලිබඳ පුවත්, ටෙලි නාට්‍ය, වෙනත් රුපවාහිනී වැඩසටහන් ආදී බොහෝ විශේෂාංග ඉදිරිපත් කෙරේ.
මේ වන විට වෙබ් පිටුව හරහා මෙම සියල්ල ඔබට ලැබෙන අතර නුදුරේදීම මේ සඳහා ඇප් එකක්ද ඔබ අතට පත්වනු ඇත.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *