Author: Pushpakumara Samarawickrema
-
අදානි පවර් සමාගම 2023 මූල්‍ය වර්ෂයේ තුන් වන කාර්තුවට අදාළප්‍රතිඵල නිවේදනය කරයි
—
ඉහළ ගිය බලශක්ති ඉල්ලුම සහ ස්ථාපිත අති විශාල ධාරිතාව හේතුවෙන්, 2023-24 මූල්‍ය වර්ෂයේ 3වන කාර්තුව අවසන් වන විට ඒකක බිලියන 11.8 සිට ඒකක බිලියන 21.5 දක්වා එනම්, 82%ක වර්ධනයක් වාර්තා කරයි. අදානි සමූහයේ ප්‍රමුඛතම සමාගමක් වන අදානි පවර් සමාගම විසින් , 2023 දෙසැම්බර් 31න් අවසන් වූ එම වසරේ 3වන කාර්තුවට අදාළ සිය මූල්‍ය ප්‍රතිඵල මෑතක…
-
කෙහෙළිය අද අධිකරණයට
—
in Local Newsඅපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද දිනයේ මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒ, ආන්දෝලනයට තුඩුදී ඇති ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන්. හිටපු අමාත්‍යවරයා ඊයේ දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය කළ නියෝගයකට අනුවයි. ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විටත්…
-
ප්‍රදේශ කිහිපයකට වැසි
—
in Local Newsනැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 02.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල…
-
යුක්තිය මෙහෙයුමෙන් තවත් සැකකරුවන් 770 දෙනෙකු අත්අඩංගුවට
—
in Local News‘යුක්තිය’ මෙහෙයුම යටතේ ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 770 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඒ අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 567 දෙනෙකු සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 203 දෙනෙකු සිටින බව පොලීසිය පවසයි.
-
නිදහස ඉරිදා නිසා සඳුදා නිවාඩු දිනයක්ද ?
—
in Local News76 වැනි නිදහස් දිනය ලබන ඉරිදා දින (04) යෙදී තිබුණ ද ඊට පසු දින වන සඳුදා (5) දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් නොකරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පවසයි. ඒ අනුව, ලබන සඳුදා දිනයේ දී සියලුම රාජ්‍ය ආයතන සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන බව එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
-
කෙහෙළිය අත්අඩංගුවට
—
in Local Newsපය 10 කට අධික කාලයක් ප්‍රශ්න කිරීමෙන් පසු හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එසේ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනෝග්ලොබියුලින් මිල දී ගැනීමේ වංචාව සම්බන්ධයෙනි.
-
පළමු දිනයේ ලංකාව ඉදිරියෙන්
—
in Sports Newsශ්‍රී ලංකා ඇෆ්ගනිස්තාන ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවකු නොදැවී ලකුණු 80ක් රැස් කිරීමට සමත්ව සිටී. ඒ, ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස් කළ ලකුණු 198ට පිළිතුරු වශයෙනි. නොදැවී පන්දුවට පහර දෙන දිමුත් කරුණාරත්න ලකුණු 42ක් සහ නිශාන් මධුෂ්ක ලකුණු 36ක් රැස්…
-
ලාෆ්ස් ගෑස් මිල ද වෙනස් නොවේ
—
in Local Newsතමන් ද පෙබරවාරි මාසය සඳහා ගෘහස්ත ගෑස් මිල සංශෝධනය නොකරන බව ලාෆ්ස් සමාගම පැවසීය. එම සමාගම පැවසුවේ ඒ අනුව ජනවාරි මාසයේ පැවති මිල ගණන් පෙබරවාරි මාසය සඳහා ද අදාළ බවයි.
-
ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ
—
in Local News2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද (02) දින නිකුත් කර තිබේ. පාසල් සඳහා තීරණය වු කඩඉම් ලකුණු පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශ වෙබ් අඩවියෙන් http://www.moe.gov.lk ලබා ගත හැකිය. තවද, සිසුන්ට ලැබී ඇති පාසල් සම්බන්ධයෙන් 2024.02.05 දින සිට https://g6application.moe.gov.lk/#/ යන වෙබ් පිටුවට පිවිස පරීක්ෂා කර ගත හැකි බවද දැනුම්දෙයි.
-
ලිට්‍රෝ ගෑස් මිල වෙනස් නොවේ
—
in Local Newsජනතාවට බලපා ඇති විවිධ පීඩා හේතුවෙන් පෙබරවාරි මාසයේදී ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොකර දැනට තිබෙන මිල ගණන්ම පවත්වාගෙන යෑමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. මේ මාසයට අදාළව නියත මිල වැඩිවීමක් තිබුණත් ඒ පාඩුව සමාගම දරාගෙන ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසීය.