Author: admin
-
රැළියට එනවද? මහින්දගෙන් ෆේස්බුක් ඔස්සේ හදිසි පණිවුඩයක්.
—
in Local Newsඅද පැවැත්වෙන විරෝධතා රැළිය සදහා තම සහභාගීත්වය පිළිබදව ඊයේ රාත්‍රියේදි හදිසි පණිවුඩයක් තම නිල පේස් බුක් ගිණුම හරහා ලබාදිමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබේනවා. තමන් රැළියට සහභාගී නොවන බවට බොරු ප්‍රචාරයක් සිදුවන බවත්, තමන් අනිවාර්‍යයෙන්ම අද රැස්වීමට සහභාගි වන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. තම නිල පෙස් බුක් ගිණුම…
-
විවේචනය කරන්නන්ට ජනපතිගෙන් පණිවුඩයක්.
—
in Local Newsසංහිඳියාව සහ යහපාලනය යන වචන දෙක ඇතැමුන් විසින් විවේචනය කරනු ලැබුවත් ශ්‍රී ලංකාවේ අනාගතය රැඳී ඇත්තේ එම වචන දෙක තුළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. “සංහිඳියාව යන වචනය සහ යහපාලනය යන වචනය අද ඇතැමුන් සමච්චලයට ලක් කරනවා. නමුත් අපට නින්දා අපහාස කරන අයට මම කියනවා මේ රටේ අනාගතය රැඳී තිබෙන්නේ ඒ වචන දෙක මතයි…
-
කේරල ගංජා තොගයක් අල්ලයි.
—
in Local Newsමන්නාරම, සිලාවතුර, මුල්ලිකුලම වෙරළ සීමාවේ කැළෑවක සගවා තිබූ කේරළ ගංජා කිලෝග‍්‍රෑම් 187 ක් සිලාවතුර නාවික හමුදා කදවුරේ නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා. රුපියල් එක්කෝටි අසූ හත් ලක්‍ෂයක් පමණ වටිනා එම ගංජා තොගය නාවික හමුදාව විසින් මන්නාරම සුරාබදු කාර්යාලය වෙත භාරදී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඉන්දියාවේ සිට බෝට්ටු මගින් එම ගංජා තොගය මෙරටට රැගෙනවිත් බෙදා…
-
කප්පාදුව ඉවරයි.
—
in Local Newsනොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන කටයුතු හෙට දිනයේ සිට යළි ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යාංශය පවසයි.හෙට (17) සිට විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය ලබාදීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. එම අමාත්‍යාංශයේ සංවර්ධන අධ්‍යක්ෂ සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ ඒ අනුව හෙට…
-
නිශාන්තට ඇප ගන්න ආ ධම්මිකගෙන් මාධ්‍යට තර්ජන.
—
in Local Newsසී.එස්.එන්. නාලිකාවේ සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතාවක් සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නිශාන්ත රණතුංග මහතා අද (16) ඇප මත මුදාහැරුණා. ඒ, කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයක් අනුවයි. රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප දෙකක් මෙහිදී නිශාන්ත රණතුංග මහතාට නියම කර තිබෙනවා. මේ අතර මෙම සිද්ධිය ආවරණය කිරීමට ගිය…
-
හෙට සිට කලාප බෙදා පැය හත හමාරක් කරන්ට් කපයි.
—
in Local Newsකලාප හතරක් යටතේ ලංකාවට විදුලි සැපයුම අද(15) සහ හෙට(16) දිනයේ අත්හිටුවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අක්‍රීයව පවතින නොරොච්චෝලේ විදුලි බලාගාරයේ දැනට පවතින තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා අද එහි සංචාරයක නිරත වූ අවස්ථාවේදීය. මෙහිදී කලාප හතරක් යටතේ විදුලි සැපයුම අත්හිටුවන අතර එම…
-
එජාප රැළිය ඇරඹේයි.
—
in Local News‘අලූත් ලංකාවක් හදන්න ඉඩදෙමු’ යන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂය සංවිධාන කරන ජනරැළිය කොළඹ හයිඞ් පිටියේදි අද පැවැත්වෙනවා. මෙම ජනරැළිය සඳහා පිරිස් පැමිණීමට නියමිතව තිබෙන්නේ කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලින් ආරම්භ වන පා ගමනකින්. මෙම පා ගමන පස්වරු 2.30ට පමණ ඇරඹුනා.පොලිසිය පවසන්නේ වාහන තදබදයක් ඇති වීම වැළැක්වීම සඳහා සුදුසු කි‍්‍රයාමාර්ග ගන්නා බවයි. ආරක්ෂාව සහතික කිරීමට…
-
විදුලි සහ ජල සැපයුම් ඇණහිටිම අදත්.
—
in Local Newsඅදත් රට පුරා ඇතැම් ප‍්‍රදේශවල වරින් වර විදුලිය බිඳවැටිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. නොරොච්චෝලේ බලාගාරය තවමත් අක‍්‍රියව පැවතීම ඊට හේතුවයි. ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී බන්දුල තිලකසේන මහතා පැවසුවේ නොරොච්චෝලේ බලාගාරය සක්‍රීය කිරීමට කාලයක් ගත වෙන බවයි.එම කාලය තුළදී විදුලිය බිඳවැටීම් සිදුවිය හැකි බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා. මෙවැනි විදුලිය බිඳවැටීම් රට…
-
අගමැතිගෙන් විශේෂ නිවේදනයක්
—
in Local Newsපැය 8කට ආසන්න කාලයක් රටපුරා ඊයේ (13) සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (14) විශේෂ නිවේදනයක් නිකුත් කළා. සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් රජය වෙනුවෙන් තමන් බලවත් කණගාටුව පළ කරන බවයි අග‍්‍රාමාත්‍යවරයා එම නිවේදනයෙන් අවධාරණය කරන්නේ. කෙටිකලක් තුළ අවස්ථා 3කදීම මෙවැනි විදුලි බිඳවැටීම් සිදුවුණා. එය ඉතා බරපතළ තත්ත්වයක් බවද මෙවැනි සිදුවීම් සඳහා තවදුරටත්…
-
යෝෂිතට ඇප.
—
in Local Newsසී.එස්.එන් නාලිකාවේ සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතා චෝදනාවක් හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි යෝෂිත රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පස්දෙනාට අද (14) ඇප නියම කෙරුණා. ඒ, කොළඹ මහාධිකරණ විනිසුරු ඒ.ඒ.ආර්. හෙයින්තුඩුව මහතා විසින්. ඒ අනුව එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් සහ රුපියල් දස ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කරන…