අගමැතිගෙන් විශේෂ නිවේදනයක්

Ranil-Wickremesinghe

පැය 8කට ආසන්න කාලයක් රටපුරා ඊයේ (13) සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අද (14) විශේෂ නිවේදනයක් නිකුත් කළා.

සිදුවූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් රජය වෙනුවෙන් තමන් බලවත් කණගාටුව පළ කරන බවයි අග‍්‍රාමාත්‍යවරයා එම නිවේදනයෙන් අවධාරණය කරන්නේ.

කෙටිකලක් තුළ අවස්ථා 3කදීම මෙවැනි විදුලි බිඳවැටීම් සිදුවුණා. එය ඉතා බරපතළ තත්ත්වයක් බවද මෙවැනි සිදුවීම් සඳහා තවදුරටත් සමාව දිය නොහැකි බවද අග‍්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්.

විදුලි බිඳවැටීම් සඳහා වගකිව යුතු පාර්ශ්වයන් සහ පුද්ගලයින් හඳුනාගැනීමට දැනමටත් විමර්ශන ආරම්භ කර ඇතැයි ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

වර්තමානයට හා අනාගතයට සරිලන නිසි සැලැස්මක් විදුලිබල මණ්ඩලයට මීට පෙර නොතිබුණු බවයි ඔහු සිහිපත් කරන්නේ. ඒ නිසා බාහිර දේශීය හා විදේශීය උපදේශවරුන්ගේ සහාය ලබාගනිමින් නව සැලැස්මක් සකස් කරන බවද අග‍්‍රාමාත්‍යවරයා පවසනවා.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *