රැළියට එනවද? මහින්දගෙන් ෆේස්බුක් ඔස්සේ හදිසි පණිවුඩයක්.

mahinda 01 mahinda 02

අද පැවැත්වෙන විරෝධතා රැළිය සදහා තම සහභාගීත්වය පිළිබදව ඊයේ රාත්‍රියේදි හදිසි පණිවුඩයක් තම නිල පේස් බුක් ගිණුම හරහා ලබාදිමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබේනවා.

තමන් රැළියට සහභාගී නොවන බවට බොරු ප්‍රචාරයක් සිදුවන බවත්, තමන් අනිවාර්‍යයෙන්ම අද රැස්වීමට සහභාගි වන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

තම නිල පෙස් බුක් ගිණුම ඔස්සේ අදහස් පලකර ඇති හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කර තිබේනවා.

කුමන බාධක පැමිණියත් අද පැවැත්වෙන ‘ජන සටන’ විරෝධතා ජනරැළියට ශ‍්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ගේ සහභාගිත්වය වළක්වාලිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවට විරෝධය පළ කරන නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ මෙම රැළියට එක්වන බවයි  හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ.


Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *